අ.පො.ස. උසස් පෙළ අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

  👤  1985 readers have read this article !
Published by : MB WEB 2018-02-23 10:48:28

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2018) විභාගයට අදාළ අයැදුම් පත්‍ර භාර ගන්නා කාල සීමාව අදින් (23දා) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අදාළ අයැදුම් පත්‍ර ආකෘති සියලුම පාසල් සඳහා යවා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.

පාසල් අයැදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන්ද, පෞද්ගලික අයැදුම්කරුවන්ගේ අයැදුම්පත් අයැදුම්කරුවන් විසින් අද දින ඇතුළත විභාග දෙපාර්තමේන්තුවට ලැබෙන සේ යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon