ජනපති පාර්ලිමේන්තුවට

  👤  1982 readers have read this article !
Published by : MB WEB 2018-02-22 15:14:42

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් හා හිටපු අමාත්‍යවරයෙකු වන අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පිළිබද ශෝක යෝජනාව අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අතර පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණි ජනාධිපතිතුමා එම විවාදයට එක්විය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ දේශපාලනඥයෙකු ලෙස පමණක් නොව උගතෙක්ල බුද්ධිමතෙක් ලෙස තමන් වෙත පැවරෙන සෑම වගකීමකදීම දේශපාලන පක්ෂ බේදයකින් තොරව සිය වගකීම් ඉටුකළ මහාචාර්ය විශ්වා වරණපාල මහතා වඩා සමාජය පිළිගත්තේ උගතෙක්ල බුද්ධිමතෙක් මෙන්ම සැබෑ මානවවාදියෙකු ලෙස බවයි.

ඔහු මේ රටේ සියලු දේශපාලනඥයින්ට ආදර්ශයක් බව පැවසූ ජනාධිපතිතුමා දේශපාලනය පසුපස පැමිණෙන දූෂණයල ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයෙකු ලෙස එතුමාට ඉහළ පිළිගැනීමක් හිමිවූ බව ද කියා සිටියේය.

ඔහුගේ දැනුමටල උගත්කමට සහ දක්ෂතාවයන්ට පැවති රජයන් යටතේ නිසි තැනක් හිමි වුවාද යන්න ගැටලු සහගත බව පැවසූ ජනාධිපතිතුමා එහෙත් ඔහු සැබෑ මානවවාදියෙකු ලෙස රටත්ල ජනතාවත් වෙනුවෙන් සිය වගකීම් නිසිලෙස ඉටුකළ කෘතහස්ත දේශපාලඥයෙකු බව සදහන් කළේය.

(ජනාධිපති මාධ්ය අංශය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon