බස්නාහිර පළාතේ රෝහල්වල රෙදි පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියට ගිවිසුම් අස්සන් කිරීම අද

  👤  2174 readers have read this article !
Published by : MB WEB 2018-02-22 10:22:20

බස්නාහිර පළාතේ රෝහල්වල රෝගීන් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන රෙදි ස්වයංක්‍රිය යන්ත්‍ර සූත්‍ර මඟින් පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමකට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) කොළඹදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

ඉන්දියානු සමාගමක් විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාවට නඟන අතර එයට ඇමෙරිකානු ඩොලර් මිලියන හතයි දශම පහක මුදලක් ආයෝජනය කරයි.
මෙතෙක් රෝහල්හි රෝගීන් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන ලද රෙදි පිරිසුදු කිරීම නව තාක්ෂණය සමඟ ක්‍රියාත්මක වන නව ක්‍රමය මඟින් තවත් කාර්යක්ෂම වනු ඇතැයි අමාත්‍යවරයා පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon