සිරියානු රජයේ බෝම්බ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියෝ රැසක් මරුට ළමයින් 20ක් ඒ අතර

  👤  1651 readers have read this article !
Published by : MB WEB 2018-02-21 11:01:03

සිරියානු රජයේ හමුදා මඟින් එරට Eastern Ghouta  ප්‍රදේශයට එල්ල කළ බෝම්බ ප්‍රහාර හේතුවෙන් ළමයින් 20ක් ඇතුළු සාමාන්‍ය වැසියන් සිය දෙනකුවත් මිය යන්නට ඇති බව සැලැකේ. මෙය 2013 වසරේදී එම ප්‍රදේශ සටන්කාමීන් විසින් වටලෑමෙන් පසු ඇති වූ දරුණුම මාරක ප්‍රහාරවලින් එකක් ලෙස සැලැකේ.

සිරියාවේ අගනුවර වන ඩැමස්කස් නුවරට ආසන්නයේම තිබෙන ප්‍රතිවාදීන්ගේ ආරක්ෂක ස්ථානය මෙම ප්‍රදේශය වන අතර මුළුමනින්ම රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් වටවී තිබේ. මෙම ප්‍රදේශයට බෝම්බ හෙළීම නතර කරන ලෙස එක්සත් ජාතීන් විසින් බල කර ඇත. එහෙත් සිදුවීම් සිය පාලනයෙන් බැහැර බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Eastern Ghouta  පෙදෙසේ ලක්ෂ හතරක පමණ පිරිසක් වාසය කරන අතර මාස 3කට පමණ පසු එම පෙදෙස කරා පළමු සහනාධාර ලැබුණේ පසුගිය සතියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon