රුසියාවේ දේවස්ථානයක වෙඩි තැබීමකින් 5ක් මරුට:5කට තුවාල

  👤  1997 readers have read this article !
Published by : MB WEB 2018-02-20 13:17:11

රුසියාවේ ඩජෙස්තාන් ජනරජයේ Kizlyar නගරයේ ඔක්තඩොක්ස් දේවස්ථානයක දේව මෙහෙය අවසානයේ පිටත්ව යමින් සිටි බැතිමතුන් ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවන් 5 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 5 දෙනකු තුවාල ලබා ඇත.

පාස්කු උත්සවයට පෙර සිදුකළ මෙම දේව මෙහෙය අවසානයේදී බැතිමතුන් පිටව යමින් සිටි අතර යටි රැවුල සහිත පුද්ගලයකු 'අල්ලාහු අක්බර්' යනුවෙන් කෑ ගසාගෙන පල්ලිය කරා දුවගෙන පැමිණ මෙම වෙඩි තැබීම කළ බව එම දේවස්ථානයේ පූජකවරයා කියයි.

වෙඩි තැබීම හේතුවෙන් එම ස්ථානයේම කාන්තාවන් හතර දෙනෙක් මියගොස් ඇති අතර අනෙක් කාන්තාව රෝහලේදී මියගොස් ඇත. තුවාල ලැබූ අය අතර පොලිස් නිලධාරියෙක් සහ ජාතික ආරක්ෂක භටයෙක් වෙති.

වෙඩි තැබීම සිදුකළ තැනැත්තා ඔජෙස්තාන්හි පදිංචි 22 හැවිරිදි තරුණයකු ලෙස හඳුනාගෙන ඇත. ඔහුව එහිදීම ඝාතනය කර ඇත.

වෙඩි තැබීමේ වගකීම ධ්ඉ සටන්කාමීන් භාරගෙන ඇතත් එය සාක්ෂි මඟින් තහවුරු වී නොමැති බව පැවසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon