තීරණයක් ගන්න ජනපති එජනිස සාකඡාව අද

  👤  2299 readers have read this article !
Published by : MB WEB 2018-02-19 11:31:42

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ අද (19දා) දිනයේ දහවල් 12.00ට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව එම සන්ධානයේ ප්‍රකාශකයකු 'මව්බිම'ට පැවැසීය.

ජනාධිපති නිල නිවෙසේදී (18දා) ඊයේ රාත්‍රියේ එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, එහිදී තීරණයකට එළැඹීමට නොහැකිවීම නිසා අද දිනටද මෙම සාකච්ඡාව යොදාගත් බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර අද (19දා) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත්, වත්මන් ජාතික ආණ්ඩුවත් සුපුරුදු පරිදි කටයුතු කරනවා නම් ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් අගමැතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වනතුරු දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ගෙන යන බව ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon