මහින්ද-ඒකාබද්ධය විශේෂ සාකච්ඡාවක් අද

  👤  2433 readers have read this article !
Published by : MB WEB 2018-02-19 08:06:50

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රි කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (19දා) පෙරවරු 8.30ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේදී ඒ සඳහා සහාය පළකරන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක් "මව්බිම"ට පැවැසීය.

නිදහස් පක්ෂ නියෝජිතයන් සමඟ පසුගිය දින කිහිපය පුරා පැවැති සාකච්ඡාවල ප්‍රගතියක් පෙන්නුම් කරන බවද වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon