අද දින ද කැලණිවැලි දුම්රිය මාර්ගය වැසේ

  👤  1814 readers have read this article !
Published by : MB WEB 2018-02-18 10:01:32

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (18) දින ද සම්පූර්ණයෙන් අත්හිටුවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.

දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ද ප්‍රකාශ කරන සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව හෙට (19) පෙරවරු 4.00දක්වා මෙම මාර්ගය වසා තැබෙනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon