රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරත වෙන්න

  👤  2263 readers have read this article !
Published by : MB WEB 2018-02-13 11:28:59

දෙනගම ධම්මික රණවීර

ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් රටත් ජනතාවත් වෙනුවෙන් ගෞවරවනීය දේශපාලන මෙහෙවරක නිරත වන්නැයි පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මහජන නියෝජිතයන්ගෙන් කතානායක කරු ජයසූරිය මහතා ඉල්ලා සිටියි.


කතානායකවරයා එම ඉල්ලීම කරන්නේ අභිනවයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන් සුබ පතමින් ය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වූ නව මැතිවරණ ක්‍රමයක පළමු අත්දැකීම ලබමින් නිදහස් හා සාධාරණ, සාමකාමී මෙන්ම ආදර්ශවත් අයුරින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම බහුජන ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවද හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම බරපතළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැනි අමිහිරි වචන අසන්නට නොලැබුණු තරමේ ගෞරවනීය අන්දමින් පැවැති මැතිවරණයක් ලෙස ඉතිහාසයට එක්වීම ශිෂ්ටසම්පන්න සමාජයක් ලෙස තැබූ ඉදිරි පියවරක් බවද කරු ජයසූරිය මහතා පවසයි.


පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය වෙනුවෙන් කැපවූ සීමා නිර්ණය කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ, දෙස්-විදෙස් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, දේශපාලන පක්ෂ, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ආදී සියලු පාර්ශ්ව ඉටුකළ කාර්යයද කතානායකවරයා ඇගැයීමට ලක් කරයි. ප්‍රජාතන්ත්‍රවාදීව ස්වකීය මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා සාමකාමී අන්දමින් ඡන්දය ප්‍රකාශ කරමින් තම මතය දැක්වීමට ඉදිරිපත් වූ රටවැසියන්ටද කතානායකවරයා කෘතඥතාව පළ කර සිටියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon