වසර දහයකට පස්සේ 6බඩ ඹ්චදඥ එළි බැස්සේ විරසක අහවර නිසාද?

  👤  2051 readers have read this article !
Published by : MB WEB 2018-02-08 14:13:45

අවුරුදු දහයකට විතර පස්සේ "6බඩ ඹ්චදඥ" ආයෙත් කරළියට ඇවිත් නේද?

ඔව්. කිව්වත් වගේ අපි අවුරුදු දහයක් වගේ විශාල කාලයක් නිහඬව හිටියා අපේම කියලා ගීතයක් එළියට දාන්නේ නැතුව. නමුත් ඒ කාලය තුළත් අපි නිර්මාණය කරපු පරණ ගීත ගොඩක් අපි ළඟ තිබුණා. ඉතින් ඔහොම ඉද්දී අපිට හිතුණා දැන් නිහඬව හිටියා ඇති අලුත් දෙයක් කරන්න කාලෙ හරි කියලා. ඒ අනුව තමයි අපි නිර්මාණය කරගෙන හිටපු සින්දුවක් ආයෙත් අරගෙන ඒවා නැවත අලුත් විදියට ප්‍රති නිර්මාණය කරලා අවුරුදු දහයකට පස්සේ එළියට දැම්මේ. අපේ "සැමදා" ගීතය තමයි මේ දවස්වල අලුතින් රසිකයන්ට අහන්න ලැබෙන්නේ.

6බඩ ඹ්චදඥ අවුරුදු දහයක් නිහඬව හිටියේ හිරාන්, ෆිල්ටී සහ ඔබ අතර වුණු විරසකයක් නිසා කියන කතාව ඇත්තද?

මෙහෙමයි. එක එක අය එක එක කතා කියනවා. නමුත් ඇත්තටම මම මීට අවුරුදු දහයකට කලින් තමයි ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ. ඒ අතරේ හිරාන් වෛද්‍යවරයෙක් විදියට වෛද්‍ය වෘත්තියට පිවිසෙනවා. මේ දේවලුත් එක්ක අපේ රැකියා තුළ අපි සෑහෙන්න කාර්යබහුල වෙනවා. ඒත් එක්ක තමයි එකතු වෙලා වැඩක් කරන්න වෙලාවක් හොයා ගැනීමේ අපහසුව තුළ 6බඩ ඹ්චදඥ දිගු නිහැ¾ඩියාවකට ලක් වෙන්නේ. එතැනදී චමත් විතරයි ලංකාව තුළ සංගීතය වෙනුවෙන් මුළු කාලය වෙන් කළ හැකි තැනක හිටියේ. ඉතින් අපේ කාර්යබහුලත්වය තුළ චමත්ට යම් අසාධාරණයක් වුණාද කියලත් හිතෙනවා. නමුත් අපි කිසි කෙනෙක් අතර විරසකයක් තිබුණේ නැහැ. සමාජ ජාලා හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන කෙනෙක්ට දකින්න පුළුවන් මම ලංකාවට ආපු හැම වතාවකම අපි හැමෝම එකට එකතු වෙලා විනෝද වුණු හැටි. ඒ නිසා ඔය විරසකේ කතාව බොරුවක්.

ඔය විදියට ඔබ ලංකාවට පැමිණි අවස්ථාවල 6බඩ ඹ්චදඥ හැමෝම එකට එකතු වුණා නම්, අලුත් නිර්මාණයක් එළියට දාන්න මෙච්චර කල් ගියේ ඇයි?

ඒ ආපු හැම වෙලාවකදීම අලුත් වැඩක් කරන්න ලොකු උත්සාහයක් ගත්තා. නමුත් මම ලංකාවට ඇවිත් ඉන්න කාලය කෙටි වීම තුළ තමයි අපිට අලුත් වැඩක් පටන් අරන් ඒක ඉවර කරගන්න පුළුවන් විදියේ තත්ත්වයක් ඇති නොවුණේ. හැබැයි මේ පාර අපි හැමදේම හොඳට සැලසුම් කරලා තමයි "සැමදා" ගීතයේ වැඩ ආරම්භ කළේ. ඉතින් බපචජඬ එක කලින්ම ඉවර කරලා හොඳ සැලැස්මක් එක්ක කට්ටිය එකතු වෙලා වැඩ කරපු නිසා තමයි "සැමදා" ගීතය මෙතරම් සාර්ථක විදියට අවසන් කරලා එළියට දාන්න ලැබුණේ.

කොහොමද "සැමදා" ගීතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර?

මේ ගීතය එළියට දැමීමත් එක්ක අපිට මුලින්ම දැනගන්න ඕනෙ වුණේ ඇත්තටම 6බඩ ඹ්චදඥ තාම මිනිසුන්ට මතකයිද? අපිව තාම මිනිස්සු හඳුනනවාද කියන එක. ඉතින් මේ ගීතයට ලැබුණු ප්‍රතිචාරත් එක්ක අපිට දැන් දැනෙමින් තියෙනවා 6බඩ ඹ්චදඥ එක්ක තාමත් මිනිස්සු ඉන්නවා කියලා. ඒ වගේම මේ ගීතය වෙනුවෙන් ලැබෙමින් පවතින ඉහළ ප්‍රතිචාරය පිළිබඳව ඇත්තටම ලොකු සතුටක් හිතට දැනෙන්නේ.

සැමදා ගීතය නිර්මාණය වුණු හැටි මතක් කළොත්?

මේක ඇත්තටම ගොඩක් කාලෙකට කලින් හිරාන් විසින්ම පද රචනය කරලා බපචජඬ එක හදලා තිබුණු ගීතයක්. හිරාන්ගේ කාර්යබහුලත්වයත් එක්ක ඔහු ලංකාවෙ ඉඳන් මට මේ බපචජඬ එක එවලා කිව්වා මේ පාර ඔයා තනියෙන් මේක ගායනා කරන්න කියලා. ඉතින් මූලිකවම ඒ විදියට තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ.

රූප රචනය තුළ ෆිල්ටී පේන්න හිටියට මේ ගීතයේ පද රචනයට හෝ සංගීතයට හෝ කිසිදු අයුරකින් ඔහු දායක වෙලා නැහැ නේද?

ඔව්. අපේ "අම්මා" ගීතය ගත්තත් ඒක එහෙමනේ. ඉතින් ඒ ගීතයේ වගේම මේ ගීතය තුළත් අචන එකක් ඇතුළත් නොවීම නිසා තමයි ඔහු ඍජුව මේ ගීතය වෙනුවෙන් සම්බන්ධ නොවෙන්නේ. නමුත් ෆිල්ටී කියන්නේ අපේ බෑන්ඩ් එකේ කොටසක්. ඒ නිසා අචන එකක් අඩංගු වුණේ නැහැයි කියලා ෆිල්ටි නැතුව රූප රචනයක් කිරීමේ අවශ්‍යතාවක් අපිට නැහැ. මොකද අචන නැතත් රූප රචනය තුළ ෆිල්ටි අපිත් එක්ක ඉන්න එක එදා ඉඳන්ම සිදුවුණු දෙයක්.
6බඩ ඹ්චදඥ ලගේ සැමදා ගීතය බටහිර ගීතයක කොපියක් කියලා සමහරු කියනවා.

මෙහෙමයි. ඕධද බ්ධමඪ ගේ "ඒතඹචරඵ" කියන ගීතයේ වචනවල පද දෙකක් තියෙනවා. ඒ පද දෙක සිංහලට හැරවීම තුළින් තමයි "මා මියෙනා විට ඔබ හිඳීවි මතකයේ" කියන කෑල්ල හැදිලා තියෙන්නේ. නමුත් ගීතයේ ඉතුරු පද දහයක් තියෙනවා නම් ඒ පද දහයම හිරාන් විසින්ම රචනා කළ ඔහුගේම වචන. අනිත් අතට මේකෙ මෙලඩි එකත් හිරාන්ගෙම මෙලඩි එකක්. ඒ නිසා පද දෙකක් අල්ලගෙන මේක බටහිර ගීතයක කොපියක් කියලා කවුරු හරි කියනවා නම් මම ඒකට එකඟ නැහැ.

මේ දවස්වල ලැබෙන ඉහළ ප්‍රතිචාරත් එක්ක මොකක්ද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ?

ඔව්. සැමදා ගීතයට අපිට ලැබුණු ප්‍රතිචාරත් එක්ක අපි දැන් හිතන් ඉන්නවා තවත් අලුත් ගීතයක් ළඟදීම එළියට දාලා අපේ පරණ ගීත ටික අලුතෙන් ප්‍රති නිර්මාණය කරලා අපේම කියලා ප්‍රසංගයක් ලංකාව තුළ පවත්වන්න.

ඔය කියන ප්‍රසංගය කවදා කුමන නමකින්ද ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ?

6බඩ ඹ්චදඥ නැවත පැමිණීම සංකේතවත් කරමින් 6බඩ ඹ්චදඥ ජධථඥ ඡචජඬ ජධදජඥපබ" විදියට තමයි අපි දැනට මේ ප්‍රසංගය නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තවත් මාස දෙකක් ඇතුළත ප්‍රසංගයේ වැඩත් ආරම්භ වේවි.

මේ ප්‍රසංගයෙන් පස්සේ 6බඩ ඹ්චදඥ නැවතත් වෘත්තීමය ඕචදඤ එකක් විදියට ලංකාව තුළ ගමනක් යන්නද සූදානම් වෙන්නේ?

මෙහෙමයි. මේ ප්‍රසංගයෙන් පස්සේ හැමදාම ප්‍රසංග කරන්න හෝ ප්‍රසංගවලට සහභාගි වෙලා සල්ලි හම්බ කරන්න වගේ අදහසක් අපිට නැහැ. අපේ සැලසුම තියෙන්නේ හොඳ දෙයක් කරලා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකදීම අලුත් දෙයක් එළියට දාන්න.

කාලෙකට පස්සේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට එක්වීමත් එක්ක අද රටේ සංගීතය ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?

ඇත්තටම කාලයක් එකම රැල්ලක ගීත ඇහෙන සම්ප්‍රදායක් තමයි ලංකාවේ සංගීතය තුළ ගොඩනැඟිලා තිබුණෙ. නමුත් දැන් ආයෙත් අලුත්, වෙනස් විදියේ හොඳ නිර්මාණ බිහිවෙමින් තියෙනවා. ලංකාවේ සංගීතයට අලුතෙන් පිවිසිලා ඉන්න තරුණ පරම්පරාව අලුත් ආරෙ වැඩ කිහිපයක්ම කරලා තියෙනවා. මේ දේවල් එක්ක අපිට රටේ වර්තමාන සංගීතය ගැන නම් ඇත්තටම හොඳ ආකල්පයක් තමයි තියෙන්නේ. ඉතින් 6බඩ ඹ්චදඥ විදියට අපිත් බලාපොරොත්තු වෙනවා ඒ තරුණ පරම්පරාවට හොඳ යහපත් විදියේ තරගයක් දෙන්න.

එතකොට ඔබ ඔය දක්ෂයි කියන අලුත් පරම්පරාවෙ අයත් 6බඩ ඹ්චදඥ එක්ක සම්බන්ධ කරගෙන වැඩක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. ඇත්තටම ඒක අපි කතා වුණ දෙයක්. ඉදිරියේදී පවත්වන්න සූදානම් කරමින් යන ප්‍රසංගයේදීත් අපි බලාපොරොත්තු වෙනවා අද ඉන්න අලුත් පරම්පරාවේ දක්ෂයන් පිරිසක් ඒ ප්‍රසංගයත් එක්ක සම්බන්ධ කර ගන්න. දැනට නම් වශයෙන් කියන්න බැහැ මෙන්න මේ මේ අය කියලා. නමුත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ අයවත් සම්බන්ධ කරගෙන ලස්සන ගීත ටිකක් මිනිස්සු අතරට ගේන්න.

රුවින්ද වීරසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon