මලල ක්‍රීඩාවෙන් 13කට ඉඩ තිබුණත් සුදුස්සන් ඉන්නේ 12යි

  👤  1178 readers have read this article !
Published by : MB WEB 2018-02-08 13:44:42

අප්‍රේල් මස 4 වැනිදා සිට 15වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට 13 දෙනකු සහභාගි කරගැනීමට අවස්ථාව ඇතත්, ඒ සඳහා සුදුස්සන් ඇත්තේ 12 දෙනකු පමණක් බැවින් එම ක්‍රීඩා උළෙල සඳහා 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නම් කළ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු මහතා "මව්බිම"ට පැවැසීය.

"මේ ක්‍රීඩා උළෙලට සුදුසුකම් සපුරා ඇති 13 දෙනකු නම් කිරීමට අපට පුළුවන්. මේ නිසා ඔවුන්ට අපි ඉලක්කයක් ලබා දුන්නා. ඒත් ඒ සුදුසුකම සපුරා ගත්තේ 12 දෙනකු පමණක් නිසා අපි තීරණය කළා ඒ සුදුසුකම් සපුරා ගත් 12 දෙනා පමණක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යවන්න" යැයිද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට යන පිහිනුම් කණ්ඩායමට මැතිව් අබේසිංහ, චෙරන්ත ද සිල්වා, කයිල් අබේසිංහ, අකලංක පීරිස් යන ක්‍රීඩකයන්ද, කිමිකෝ රහීම් හා විනෝලි කළුආරච්චි, යන ක්‍රීඩිකාවන්ද මේ වනවිට සුදුසුකම් ලබා ඇතත්, අවසන් මොහොතේ එම කණ්ඩායම ක්‍රීඩකයන් 3ක් හා එක් ක්‍රීඩිකාවක් වශයෙන් වෙනස් වුවහොත් ඉහළින් සිටින ක්‍රීඩකයන් තිදෙනා (මැතිව්, චෙරන්ත හා කයිල්) හා ක්‍රීඩිකාව (කිමිකෝ රහීම්) පමණක් ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමට එක්වීමට නියමිතව ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් සිවු දෙනා හා ක්‍රීඩිකාවන් දෙදෙනා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා යවන්නේ නම් ඉන් ලැබෙන අත්දැකීමත් සමඟ එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් කිහිපයක් ලබාගැනීමට හැකියාවක් පවතින බව ජල ක්‍රීඩා සංගමය විසින් ජාතික තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බවද පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon