අද මැදියම් රැයෙන් පසු ඡන්ද කටයුතු තහනම්

  👤  1457 readers have read this article !
Published by : MB WEB 2018-02-07 10:10:34

අද (7දා) මධ්‍යම රාත්‍රියෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඡන්ද ප්‍රචාරක කටයුතුවල යෙදෙන සියලුම පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට උපදෙස් දී ඇත.

ඡන්ද ප්‍රචාරණ කටයුතු සියල්ල අද මධ්‍යම රාත්‍රි 12ට අවසන් කළ යුතු වෙයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට 10 වැනිදා තෙක් පවතින නිහඬ කාලය තුළ ඡන්ද අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ කිසිදු ක්‍රියාවක් සිදු කිරීම සපුරා තහනම් වෙයි.
ඡන්ද ඉල්ලා හෙයින් ගෙට යෑම, කටවුට්, පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම, පත්‍රිකා බෙදීම, ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම, බිය වැද්දීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

නිහඬ කාලය තුළ සෑම ප්‍රදේශයකම ආරක්ෂාව තර කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවත් පොලිස් ජංගම සේවා ඇතුළු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කර ජනතාවට නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon