සදාම් හුසේන්ගේ දියණියත් MOST WANTED ලැයිස්තුවේ

  👤  3006 readers have read this article !
Published by : MB WEB 2018-02-06 13:14:30

ඉරාකයෙහි හිටපු ජනාධිපති සදාම් හුසේන්ගේ දියණිය 'රිග්හාඩ්' (Raghad) ඇතුළු 59 දෙනකු දැඩි ලෙස ඕනෑ කරන (Most Wanted) පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවකට ඇතුළත් කොට ඇත.

මෙම 60 දෙනා ඉස්ලාමීය රාජ්‍ය (ISIL), අල්කයිඩා (al-Qaeda) හෝ බාත් පක්ෂය (Baath Party) යන සංවිධානයන්ට අයත් වීම සම්බන්ධයෙන් සැකකරුවන් බව සඳහන් කොට ඇත.

මෙකී ලැයිස්තුවේ දැනට ජෝර්දානයේ පදිංචි හිටපු ඉරාක නායකයාගේ දියණිය වන රග්හාඩ්ගේ නමද සඳහන් වන බව AFP පුවත් සේවය දුටු බව සඳහන් වේ.

එම ලැයිස්තුවේ සඳහන් නම්වලින් 28ක් ISIL සටන්කාමීන් බවට සැකකරන්නන්ගේ වන අතර 12ක් අල්කයිඩා සංවිධානයටද 20ක් බාත් පක්ෂයට ද අයත් වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon