බැඳුම්කර විවාදය අද

  👤  1757 readers have read this article !
Published by : MB WEB 2018-02-06 10:11:05

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සහ බරපතළ වංචා හා දූෂණ පිළිබඳව පරීක්ෂා කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින තුනක් විවාද කිරීමට පක්ෂ නායකයෝ තීරණය කරති.

කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල කාමරයේදී ඊයේ (5දා) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී අද (06දා) සහ පෙබරවාරි 22 සහ 23 යන දිනයන්හි එම විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශවලට අනුව, පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර අධිකරණයේ නඩුවක් විභාග වීමේ තත්ත්වය පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී කරුණු ඉදිරිපත් වීමෙන් පසු, රිචඩ් ද සොයිසා ඝාතනය සම්බන්ධයෙන් විවාදයක් පැවැති අවස්ථාවේ 1990 දෙසැම්බර් මස 18 වැනිදා හිටපු කතානායකවරයකු වූ එම්.එච්. මොහොමඩ් දුන් නියෝගයක් ගෙනහැර දක්වා ඇති කතානායක කරු ජයසූරිය අද පැවැත්වීමට නියමිත විවාදය ඒ අනුව පැවැත්වීමට බාධාවක් නොමැති බව සඳහන් කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon