පාර්ලිමේන්තු වටරවුමේ අද ලොකු විරෝධතාවක්

  👤  1952 readers have read this article !
Published by : MB WEB 2018-02-06 09:32:52

මහ බැංකු බැඳුම්කර කොමිසම යටතේ අනාවරණය වූ හොරුන් ආරක්ෂා කිරීමට අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සහ...ඒකාබද්ධ විපක්ෂය ගෙන යන ඒකාබද්ධ මෙහෙයුමට එරෙහිව අද (6දා) පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක නිරත වන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

හොරුන් ආරක්ෂා කිරීමේ අරමුණින් පවත්වනු ලබන පාර්ලිමේන්තු විවාදය තුළින් පලක් නොවන බව පැවැසූ එම පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ පෙරවරු 9.30ට පැවැත්වෙන විරෝධතාව සඳහා දූෂණයට එරෙහි සියලුම ජනතාවට ඒ සඳහා සහභාගි වන ලෙසට විවෘත ආරාධනයක් කරන බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon