රාජකීය-ගේට්වේ “අලස්-ගුණසේකර” කුසලාන පැසිපන්දු තරගය 17දා

  👤  1446 readers have read this article !
Published by : MB WEB 2018-02-03 16:38:11

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගේට්වේ විද්‍යාලය අතර "අලස් - ගුණසේකර" කුසලානය සඳහා පැවැත්වෙන වාර්ෂික පැසිපන්දු තරගය මෙම පෙබරවාරි 17දා (සෙනසුරාදා) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මාවතේ ඩ්ඉඛ් ඕතඪභඥඵ ඕචඵඬඥබඡචතත ඛ්ධභපබ (හැව්ලොක් ටවුමේ පේද්‍රික් උද්‍යානයේ) දී ඇරඹෙයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තරග නරඹන්නන් අතර ප්‍රචලිත පැසිපන්දු ක්‍රීඩා තරගයකදී මෙරට පැරැණිතම හා ප්‍රමුඛ පෙළේ පාසලක් වන රාජකීය විද්‍යාලය සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසලක් වන ගේට්වේ විද්‍යාලය මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය වේ. මෙය විවිධ සංස්කෘතීන්, වටිනාකම් හා පසුබිම් තුළින් පැමිණ එම විද්‍යාලයන් දෙකෙහි ඉගෙනුම ලබන සිසුන්ට සහෝදරත්වයෙන් සහ යහපත් තරගාවලියක් තුළින් එකට බැඳීමට අනර්ඝ අවස්ථාවක් සපයනු ඇත.

විදුහල් දෙකට ඉතා වැදගත් වන ප්‍රධානීන් දෙදෙනකුගේ නාමයන් එක් කරමින් නිමැවූ අලස්-ගුණසේකර කුසලානය දිනාගැනීමට මෙම පැසිපන්දු තරගයේදී තරගකරුවන් තරගවදිනු ඇත. අභාවප්‍රාප්ත ආර්.අයි.ටී. අලස් ගුරු පියාණන් රාජකීය විද්‍යාලයෙන් ගුරු වෘත්තියට පිවිස එහි වසර 10ක් සේවය කළ අතර ඩී.එස්. සේනානායක විදුහලේ නිර්මාතෘවරයා ලෙස අමිල මෙහෙවරක් ඉටුකර පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයකුද ලෙස රටට සුවිසල් සේවයක් කළ තැනැත්තෙකි. මෙරට විශිෂ්ටතම අධ්‍යාපඥයකු ලෙස සැලකෙන එතුමා ගේට්වේ ආයතනයේද නිර්මාතෘවරයා විය.

එසේම අභාවප්‍රාප්ත ඊ. ක්‍රිස්ටි ගුණසේකර ගුරු පියාණන් රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වූවා පමණක් නොව රාජකීය විද්‍යාලයේ දීර්ඝ කාලයක් නියෝජ්‍ය විදුහල්පති ධුරයද හෙබවූයේය. ක්‍රිස්ටි ගුණසේකර මහතා ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංවිධානයේ හිටපු සභාපතිවරයකුද වෙයි. විනය රැකීම සඳහා වූ එතුමාගේ දැඩි කැපවීම මත රාජකීය විද්‍යාලයේ තත්ත්වය ඉහළ නැංවීමට එතුමා බොහෝ දේ කර ඇත.

මෙම අද්විතීය තරගයේදී ප්‍රේක්ෂකයන්
සඳහා ක්‍රියාකාරකම් සහ පශ්චාත් තරග, සමාජ සේවා වැඩසටහන් හඳුන්වා දෙමින් පැසිපන්දු තරගයට නව සංස්කෘතියක් හඳුන්වාදීමට විද්‍යාල දෙක බලාපොරොත්තු වේ. මෙහි ප්‍රධාන තරගය වන 19න් පහළ පැසිපන්දු තරගයට අමතරව 15න් පහළ තරගාවලියක් පවත්වමින් දක්ෂතා විදහාලීමට අවස්ථාව සලසා ඇත.
රාජකීය විද්‍යාලයේ පැසිපන්දු උපදේශකත්වය සහ කළමනාකරණ කමිටුවද, ගේට්වේ විද්‍යාලයීය පැසිපන්දු කමිටුවද එක්ව මෙම පැසිපන්දු තරගයේ සමාරම්භක කටයුතු කරයි. යහපත් තරගයක් තුළින් මේ හරහා බොහෝ දරුවන්ට සිය පෞරුෂත්වයන් වර්ධනය කර ගැනීමට හා ආයතන දෙක අතර සබඳතා වර්ධනය කරගැනීමට මෙම තරගය හේතුවනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

ඕස්ට්‍රේලියාවේ සම්මානනීය මොනෑෂ්
සරසවිය මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වීමට කැමැත්ත පළකර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon