කාර්යාල ඉදිරිපිට ඡායාරූප-කටවුට් හෙට සිට බෑ

  👤  1797 readers have read this article !
Published by : MB WEB 2018-02-01 10:02:12

පළාත් පාලන ඡන්දය වෙනුවෙන් පවත්වාගෙන යන අවසර ලත් කාර්යාල ඉදිරිපිට සවිකර ඇති මහා පරිමාණයේ ඡායාරූප සහ කටවුට් හෙට (2දා) වන විට ගලවා ඉවත් කළ යුතුවෙයි. එසේ නොකළහොත් එවැනි කාර්යාල සම්බන්ධයෙන් නඩු පැවැරේ.

එවැනි ඡායාරූප සහ කටවුට් ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව, දේශපාලන පක්ෂ නායකයන් වෙත දැනුම්දී ඇත.

ඡායාරූප සහ කටවුට් ඉවත් නොකරන කාර්යාල වෙත තහනම් ලිපියක් භාරදී කාර්යාලය සඳහා ලබාදී ඇති අවසර පත්‍රය අවලංගු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති දේශප්‍රිය "මව්බිම"ට පැවැසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග කඩකරමින් තවදුරටත් මහාපරිමාණයේ ඡායාරූප සහ කටවුට් ප්‍රදර්ශනය කරන කාර්යාල ඉදිරිපිට ඇති ඡායාරූප හා කටවුට් මෙම මස 5 හා 6 යන දිනයන්හි වීඩියෝ මඟින් රූගත කර නඩු පැවැරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා පැවැසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොසලකා හරිමින් විශාල ප්‍රමාණයේ ඡායාරූප හා කටවුට් ප්‍රදර්ශනය කෙරෙමින් පවතින කාර්යාලය ඉදිරිපිට ඇති ඡායාරූප හා කටවුට් 2දා වන විට ගලවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කොමිෂන් සභාව පොලිසියට දැනුම්දී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon