රත්රන් වංචාව මතු වුණේ ලෙලුම්ගේ වීඩියෝව නිසාද?

  👤  3261 readers have read this article !
Published by : MB WEB 2018-01-30 15:26:43

ඔබ දාපු වීඩියෝ ප්‍රකාශයක් නිසා ඔබේ පියාගේ බිරියට බලපාපු සිද්ධිය ආයෙත් මතු වුණා කියලා කියන්න අරගෙන. ඇත්තටම එහෙම වුණේ ඔබේ වීඩියෝව නිසාද?

මම දාපු වීඩියෝව නිසා ඒක එළියට ඇදුණානම් ඒක මම ලෝකෙටම කරපු හො¼දක්. දෙයක් කළොත් ඒකට දඬුවම් ලැබෙන්න ඕන. ඉතිං මම දාපු වීඩියෝවක් නිසා ඒ තැනැත්තිය කළ වරද ගැන හොයන්න හිතුණා නම් ඒ ගැන සතුටු වෙනවා. තාත්තාව මුළා කරගෙන හිටියේ ඔය ගැහැනු කෙනා. මිනිස්සුන්ට මොළයක් තියෙනවා නම් වෙලා තියෙන දේ දැන්වත් තේරෙන්න ඕන.

ඒ තැනැත්තිය ඔබේ පියාව රැවැට්ටුවා කියලද කියන්නේ?

තාත්තා අපිට දෙන්න ඕන ගොඩක් දේවල් දීලත් ඉවරයි. මට දෙන්න ඕන සියලු දේ දීලත් ඉවරයි. අපිට දීලත් ඉවර වෙලා අපේ තාත්තාට තියෙන වත්කම් ප්‍රමාණය අපි දන්නවා. ෂෝ එකකට ගියොත් ලක්‍ෂ දෙකහමාරක් තුනක් සල්ලි ගන්නවා. ටුවර් එකක් ගියොත් ලක්‍ෂ පහළොවක් විතර අරගෙන තමයි තාත්තා ලංකාවට එන්නේ. තාත්තාට අදටත් කෝටි ගාණක වත්කම් ප්‍රමාණයක් තියෙනවා. දැන් අර ගැහැනු කෙනා ලියාගෙනද දන්නේ නැහැ. ඔය දේවල් බලාගෙන තමයි ඒ කෙනා තාත්තට ළංවෙලා තියෙන්නේ.

ඇයි එහෙම කියන්නේ?

මගේ තාත්තාගේ නංගි කෙනෙක්ගේ පුතෙක් මහජන බැංකුවේ වැඩ කරනවා. එයා අපේ ජයන්ත අයියට කියලා තියෙනවා තංගල්ලේ මහජන බැංකුවේ හොරකමක් වෙලාය අහවලාය ඒක කරලා තියෙන්නේ කියලා. පොලිසිය මේ ගැහැනු කෙනාව අත්අඩංගුවට ගන්න යන කාලෙදි තාත්තාගේ බිරියගේ අක්කා තමයි මුලින්ම තාත්තාට පංගාත්තු වෙන්නේ. ඒ කෙනා මාත් එක්ක සෝෂල් මීඩියා එකේ චැට් කරලා මගේ තාත්තා ගැනම එක එක දේවල් මට කියලා තියෙනවා. ලංකාවේ ඉන්න කලාකාරයෙක්ගේ ගෙදර යනවා එනවා කියලත් කිව්වා. මගේ තාත්තා ගැනම ඒ කෙනා මට විවිධ දේවල් කිව්වා. මම ඒ කෙනාට හොඳ වචනයෙන් බැන්නා. ඔය කාලෙදි තමයි ඒ කෙනා අම්මවයි, නංගිවයි එක්ක ඇවිත් මගේ තාත්තගේ ගෙදර රිංගලා තිබ්බේ. ඔය අතරේ තාත්තගේ මහජන බැංකුවේ තියෙන අකවුන්ට්ස් ටික දැකලා ඒ ගැහැනු කෙනා ඵබචටට එකේ කිහිපදෙනකුටත් කියලා තියෙනවා තනිකඩව ඉන්නේ, කට්ට ගැහුවා නම් නියමයි කියලා.

පියාගේ ඒ සම්බන්ධතාව මුල ඉඳලම ලෙලුම් දැනගෙන හිටියාද?

මේ පිළිලය එන්න පටන් ගත්තට පස්සේ තාත්තව බලන්න අපිට යන්න වුණේ කෝල් කරලා. වෙලාවක් වෙන් කරගෙන. අපි ගෙදර එන්න අහද්දි තාත්තා අපිට කියනවා අද ගෙදර නෑ, අහවල් අහවල් පුද්ගලයන්ගේ ගෙදර යනවා කියලා. අපිව ඒ විදියට කැපුවා. සති දෙකකට විතර පස්සේ අපිට දැන ගන්න ලැබෙනවා ඒ කියපු අයගේ ගෙවල්වල තාත්තා ගිහින් නෑ කියලා. මෙහෙම ආරංචි වෙද්දී අපිට සැකයක් ආවා ඇයි තාත්තා අපිව අයින් කරන්න හදන්නේ කියලා. එතකොට අක්කලට දැන ගන්න ලැබිලා තියෙනවා ගැහැනු කෙනෙක් තාත්තාගේ ගෙදර යන එන බව. අපි හිතුවා තාත්තා සතුටින්නම් කමක් නෑ. තාත්තා ඔය දේ අපිට කොයි වෙලාවේ හරි කියයි කියලා අපි හිතුවා. ඔය අතරේ අපේ ලොකු අක්කා නැති වුණා. ලොකු අක්කාට පිළිකාවක් කියලා දැනගත්තා. අපේ ලොකු අක්කා, තාත්තට සලකපු විදිහ එක්ක තාත්තට කවදාවත් බෑ ලොකු අක්කව අෑත් කරන්න. හැබැයි අක්කා නැති වෙනකල් මාස හයක් ඇතුළත තුන් හතර වතාවකට වඩා තාත්තා අක්කව බලන්න ආවේ නැහැ. හැබැයි තාත්තාට එයාගේ ලොකු දුව ගැන මීට වඩා බලන්න තිබ්බා.

ඒ කියන්නේ ඒ වෙනස වුණේ තාත්තගේ අලුත් විවාහය එක්ක කියලද කියන්නේ?

හරියටම හරි. ඒ ගැහැනු කෙනා තමයි තාත්තව බ්ලොක් කළේ. ලොකු අක්කා නැති වුණාට පස්සේ පොඩි අක්කයි, අයියයි, මමයි කතා වුණා තාත්තාගෙන් ඒ ගැහැනු කෙනා ගැන අහමු කියලා. ගැහැනියෙක් ඉන්නවා නම් අපිට හඳුන්වලා දීලා එයත් එක්ක ඉන්න, අපි තාත්තව බලලා යන්නම් කියමු කියලා කතා වුණා. ඒ ගැහැනු කෙනා එක්ක තාත්තා එක එක තැන්වල ගියේ ලොකු අයියගේ දුව කියලා. වික්ටර් රත්නායකගේ ලොකු අයියට ළමයි හිටියේ නෑ කියලා බොහෝ අය දන්නවා. මේවත් අපිට ආරංචි වුණා. ආදරෙයි කැස්සයි හන්ගන්න බෑනේ. තාත්තා පස්සේ අපි තුන් දෙනාටම කතා කරලා ඒ ගැහැනු කෙනාව හඳුන්වලා දුන්නා.

ඒ ඇයි හො¼දයිය වෙනස් වුණේ?

ජයන්ත අයියා දැනගෙන හිටියා මේ ගැහැනු කෙනා තාත්තට වශියක් දීලා කියලා. ඔය අතරේ මට ටී.වී. වැඩසටහන් කිහිපයක සින්දු කියනවා ඇහිලා මිනිස්සු මට කතා කරලා කිව්වා තාත්තගේ ස්ටයිල් එකේ සින්දු ටිකක් කරන්නකෝ කියලා. තාත්තට මම කිව්වා රෝහණ වීරසිංහ අංකල්, සුනිල් ආරියරත්න අංකල්, කුමාරදාස සපුතන්ත්‍රි අංකල්, රත්න ශ්‍රී විජේසිංහ වගේ ප්‍රවීණයන් ඉන්නවනේ මට ඒ අය එක්ක වැඩක් කරන්න ලැබෙනවා නම් ලොකු දෙයක්. ඒ ලින්ක් එක මට හදලා දෙන්න කියලා. මම මූල්‍යමය බරපැන දරන්නම් තාත්තා කතා කරලා ඒ වැඩේ කරලා දෙන්න කියලා මම කිව්වා. තාත්තා කිව්වා, හරි කරමු පුතේ කියලා. පහුවැනිදා උදේ මගේ බිරියට ජචතත එකක් ආවා තාත්තාගේ බිරියගෙන්. ලෙලුම්ට බෑ වික්ටර් රත්නායක වෙන්න. එයා කවුරු කියලාද හිතන් ඉන්නේ. එයාට තව ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා එයා කියලා තිබ්බා. ඒ ගැහැනු කෙනා අපි අපිවම ගොඩක් කොටවන්න බිඳවන්න හැදුවා. ඒ ගැහැනු කෙනා තාත්තාව වශියක් දීලා අල්ලගෙන ඉන්නේ. එයා ඇවිත් ඉන්නේ තාත්තගේ සල්ලි අරගෙන යන්න. ඒ ගැහැනු කෙනා ගහලා තියෙන ගැටේට අපිට ආයේ තාත්තව හම්බෙන්නේ නෑ කියලත් අපි බලපු තැන්වලින් කිව්වා. මේ ගැන අපි තාත්තව දැනුවත් කළා. අපි කිව්ව දේ තාත්තා ඇහුවේ නෑ.

තාත්තා ඔයාලව අතාහැරියේ ප්‍රශ්න ගැන කතා කරපු නිසාද?

ගිය අවුරුද්දේ පෙබරවාරි 12 වැනිදා තමයි අපේ අම්මා නැති වෙලා අවුරුදු දහතුනේ දානය ජයන්ත අයියලගේ ගෙදර තිබ්බේ. ජයන්ත අයියා හෂිනිට කැමැති නැති නිසා අයියා තාත්තට කිව්වා, තාත්තා එන්න මගේ ගෙදර. හෂිනිව එක්ක එන්න එපා කියලා. තමන්ගේ නම හදාගන්නකල් දරුවෝ හතර දෙනෙක්ව හදා කියාගෙන වැඩ කරපු බිරියගේ දහතුන්වැනි මතක දානයට තාත්තාට එන්න අර ගැහැනු කෙනා දුන්නේ නෑ. පහුවැනිදා අපේ මාමා කෙනෙක්ගෙන් දුරකතන ඇමැතුමක් ආවා තාත්තා වාහනය හප්පගෙන කියලා. අයියයි, මමයි අක්කයි තුන්දෙනාම ගිහින් තාත්තව ගෙදරට දැම්මා. මගේ බිරියත් මාත් එක්ක ආවා. එදා මමත් අපි දන්න දේවල් හෂිනිට කිව්වා. මගේ බිරිය කියපු දෙයකට හෂිනි මගේ බිරියට තමුසේ කවුද කියලා කිව්වා. ඒ වෙනකොට හෂිනි තාත්තගේ බිරිය නෙමෙයි. ඒ වෙලාවේ තමයි මගේ බිරිය හෂිනිට කම්මුල් පාරක් ගැහුවේ. රෑ තාත්තා අපිට කෝල් කරලා කිව්වා උඹලා නාට්‍යයක් පෙන්නලා ගිහින් නේද? මගේ පුතා නොවෙන්න මම මෙලහට උඹව ඇතුළට දාලා කියලා. මාර්තු 01 වැනිදා තාත්තා මට කතා කරලා කිව්වා "තාත්තා පුතා සම්බන්ධකම් ඉවරයි" කියලා. උඹලගේ කිසි දේකට මට කතා කරන්න එපා. මගේ මරණයකටවත් උඹලා එන්න එපා කියලා තාත්තා කිව්වා. ඒ දුරකතන ඇමැතුම නිසා තමයි මට කේන්ති ගියේ. ඒකයි තාත්තා මළා කියලා දැම්මේ. මම ඒක දැම්මෙත් ප්‍රශ්නයක් හැටියට ඇදලා ගන්න තමයි. ඒ ගැහැනු කෙනා ගැන සමාජය දැනුවත් කරන්නත් මට හිතුණා.

හැබැයි ඒ කළ ප්‍රකාශය නිසා දෝෂ දර්ශනයට ලක්වුණේ ඔබ නේද?

පැත්ත ගහලා ගියත් ඇත්ත කියන්න ඕනනේ. දෝෂ දර්ශනයට ලක්වෙන නිසා තමයි මිනිස්සු ගොඩක් ඇත්ත හංගගෙන ඉන්නේ. ඇත්ත කතා කරනකොට "අරූ පිස්සෙක්" කියලා කියන කට්ටිය තමයි වැඩි. මම තාත්තා කියලා කට පියාගෙන ඉන්නේ නෑ. මම තමයි ගේ ඇතුළෙත් තාත්තා එක්ක එකට එක කියා ගන්න එකා.

ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් එහෙමද?

තාත්තවයි මාවයි එක වහල යට තියන්න එපා තාත්තා මගෙන් මැරුම්කයි කියලා අම්මට ජේ‍යාතිෂඥයෙක් කියලා තිබ්බා. අවුරුදු දහනවයෙන් පස්සේ අවුරුදු විසිහයක් විතර වෙනකල් තාත්තව හදිසියට ඇවිත් බලලා යන තැනකවත් මාව තියන්න එපා කියලා තිබ්බා. අපේ අම්මා ඒක දැඩිව විශ්වාස කළ නිසා තමයි මම ඉස්කෝලෙන් අයින් වුණ ගමන් මාව රට යැව්වේ. ඒ කාලේ ඉඳන් තාත්තගේ නුරුස්සන වැඩ මට තිබ්බා.

ගෙදර ප්‍රශ්න එළියට දුන්නම ප්‍රශ්න එක දෙක වෙනවනේ. ගෙදර ප්‍රශ්න රටට ලෝකයට කියලා ප්‍රශ්න තිබ්බ ටික වැඩි කර ගත්තා කියලා හිතෙන්නේ නැද්ද?

ප්‍රශ්නය වැඩි කර ගත්තට කමක් නෑනේ. වැඩිවුණ ප්‍රශ්නයේ සුලමුල දැන් හැමෝටම තේරෙනවානේ. නහයෙන් උඩට වතුර ගියාම ආයේ හිතන්න දෙයක් නෑනේ. මම මගේ තාත්තා මළා කියලා දැම්මේ, තාත්තා කිව්ව දේ නිසා. මාව ළඟින්ම දන්න අය, තාත්තාගේ හිත මිත්‍රයෝ හැමෝම කියන්නේ ලෙලුම්ට කෝල් එක දෙන්න කලින් වික්ටර්ට හිතන්න තිබ්බා කියලා. තාත්තා ඒ ඇමැතුම දුන්නේ ඒ ගැහැනු කෙනාගේ බල කිරීමට. ඒ ගැහැනු කෙනා ආවේ තාත්තාට මේ නිගාව දෙන්නම තමයි. වික්ටර් රත්නායක කියන තල්මසා එක්ක බලද්දි මම හාල් මැස්සෙක්. හැබැයි මම අදත් ගෙදරට ගන්න ඕන මොනවගේ මිනිස්සුද, ඇසුරු කරන්න ඕන මොන අයද කියලා බලලා ඉතාම හොඳ පරිස්සමෙන් වැඩ කරන කෙනෙක්. ඒ මොළේ වික්ටර් රත්නායකට නැති වුණේ ඇයි කියලා මම දන්නේ නෑ.

තාත්තලා පුතාලාගේ මත ගැටුම නිසා ජයන්ත රත්නායකට නම් වැඩ අඩු වුණාලු. ලෙලුම්ට එහෙම වුණේ නැද්ද?

මට වැඩ අඩුවුණේ නැහැ. ජයන්ත අයියා හිතනවා එයාට වැඩ අඩු වුණා කියලා. ඒ ජයන්ත අයියා තාත්තා මත්තෙම හිටපු නිසා. මම තාත්තා මත්තෙම හිටියේ නෑ. මට ගාණ දෙනවා නම් මම නයිට් ක්ලබ් එකෙත් නතචර කරනවා. හොටෙල් බාර් එකෙත් නතචර කරනවා. මම ඒ ජාතියේ. මම කරන්නේ මේ ජාතියේ වැඩ විතරයි කියලා මම කියලා නැහැ. ඕන කෙනෙක් මගේ ගාණ දෙනවා නම් මම ගිහින් වැඩේ කරලා සල්ලි අරගෙන එනවා. මම කරන දේ හරියට කරනවා. මට වැඩ අඩු වෙලා නැහැ.

තාත්තා වික්ටර් රත්නායක කියලා ලෙලුම් ලොකු වැඩ තෝරන්නෙම නැද්ද?

අනේ නැහැ... තාත්තා තෝර බේරගෙන වැඩ කළා කියලා මම එහෙම කළේ නැහැ. මම නයිට් ක්ලබ් අස්සෙත් බෑන්ඩ් ගහනවා. එහෙම තෝරා බේරා ගැනීමක් කරන්න අපිට තාත්තා සල්ලි දෙන්නේ නෑනේ. මම නම් තාත්තාගේ නම ගැන හිතලා කිසිම වැඩක් කරලා නැහැ.

බිස්නස් වැඩටවත් තාත්තා ලෙලුම්ට කතා කරන්නෙ නැද්ද?

තාත්තයි මමයි දෙන්නම අස්සන් කරලා තියෙන බිස්නස් වැඩක මම හිරවෙලා ඉන්නේ. මම මාමා කෙනෙක්ව ඒ ගැන කතා කරන්න යැව්වම මැරිච්ච අයගෙන් අස්සන් ගන්න බෑ කියලා ඒ මාමාව ආපහු එවලා තිබ්බා. මට ඒකට නීතිමය පියවරක් ගන්න වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon