පක්ෂ නායක රැස්වීම අද මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ද කැඳවයි

  👤  1791 readers have read this article !
Published by : MB WEB 2018-01-30 10:05:09

කතානායක කරු ජයසූරිය අද (30දා) දහවල් 12ට කතානායක නිල මැදිරියේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට මැතිවරණ කොමිෂන් සභාව කැඳවා ඇත.

පක්ෂ නායක රැස්වීමක් හෙට (31දා) කැඳවීමට සැලසුම් කර තිබුණද එය හදිස්සියේම වෙනස් කර අද (30දා) දහවල් 12ට පැමිණෙන ලෙස පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.

බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාදයක් පැවැත්වීම සඳහා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව රැස්කරන ලෙස දැනුම්දීමක් කළහොත් ඒ අනුව විවාදය පැවැත්වෙන කාල වේලාවන් පිළිබඳව සහ එසේ විවාදයක් පැවැත්වීමේදී මැතිවරණ කොමිෂන් සභාවට මුහුණ පෑමට සිදුවන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ඇතැයි පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon