රන්වල බළකායෙන් එළියට පැනලා වැඩ පෙන්නන සූප්පුවා

  👤  3310 readers have read this article !
Published by : MB WEB 2018-01-25 16:21:56

හඳයා ටෙලි නාට්‍යය නිසා කසුන් දැන් හුඟක්ජ නප්‍රියයි නේද?

හඳයා කියන්නෙ මගේ ජීවිතයේ ලොකු වෙනසක් කරපු ටෙලි නාට්‍යයක්. හිතුවෙත් නැති විදියට මට ලැබුණු භාග්‍යයක් තමයි හඳයා ටෙලි නාට්‍යයේ සූප්පුවාගේ චරිතය.

හඳයා කියන්නෙ ළමයින්ගෙ ආකර්ෂණය වැඩි නාට්‍යයක් නිසා ඔයාටත් ළමයින්ගෙ ආකර්ෂණය වැඩිද?

ඔව්. ඉතාමත් ඉහළින් ඒ ප්‍රතිචාර ලැබෙනවා. ළමයි ආස කරන චරිතයක් වෙන්න ලැබීමත් ලොකු වාසනාවක්.

ඒ ලැබෙන ප්‍රතිචාර එක පිරිසකට කොටු වෙලාද?

නැහැ. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර තියෙනවා. මඟතොටේදී මුණ ගැසෙන අය පවා මට හුඟක් හොඳයි කියනවා.

මේ රංගන අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

2006දී තමයි මම රන්වල බළකායට එකතු වෙන්නේ. රන්වල බළකාය හරහා තමයි මට ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබෙන්නේ.

 රංගනයට එන්න ලැබුණු අවස්ථාව කසුන්ගේ ජීවිතයේ හොඳ හැරවුමක් වගේ?

ඔව්. මට ඕන වුණේ රට නියෝජනය කරන්න. මම හිතුවේ නැහැ මට ප්‍රධාන චරිතයක් ලැබෙයි කියලා. කොහොම හරි මට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා හිතෙනවා.

කසුන් සිනමාවටත් පය තිබ්බා කියලා ආරංචියි.

සිනමාවටත් පොඩියට පය තිබ්බා. මම සුරංග අල්විස් මහත්තයාගෙ කිඩ්නැප් චිත්‍රපටයේ රඟපාලා තියෙනවා. එය ඉදිරියේදී තිරගත වෙයි.

ඉස්සරහට සිනමාවේ ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවක් නැද්ද?

මෙහෙමයි. මගේ හැකියාවට ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම කරනවා. ඒක ලොකු ද පොඩිද කියලා මම බලන්නෙ නැහැ. මගේ උපරිමයෙන්ම කරනවා.

රංගන ක්ෂේත්‍රයෙ දිගටම ඉන්නද කැමැත්ත?

අනිවාර්යයෙන්ම. රංගනයෙන් විතරක්ම නොවෙයි. ගායනයෙන් සහ නිවේදනය පැත්තෙනුත් ඉදිරියට එන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

ක්ෂේත්‍රයට ආවා වගේ නොවෙයි එහි පවතින්න ලොකු කට්ටක් කන්න වෙයි නේද?

මම අහලා තියෙනවා හාවට වඩා ඉබ්බාට දිගු ගමනක් තියෙනවා කියලා. මම හෙමින් දිගු ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ.

 ඔබ දැනට නම් වෘත්තීයමය නළුවෙක් නොවෙයි ?

මම දැනට බැංකුවක සේවය කරන්නේ. ඒත් මම වෘත්තියෙන් නළුවෙක් වෙන්න කැමැතියි.

 ඒ කියන්නේ ඉදිරියේදී රංගනය වෘත්තිය ලෙස තෝරා ගනීද?

මම හිතන්නේ කලාකරුවෙක් වුණාම හැම පැත්තෙන්ම ඉදිරියට එන්න දක්ෂකම තියෙන්න ඕන කියලා. මම ආස පැත්තක් තමයි බැංකුකරණය. ඉතින් දෙපැත්තම සමබරව කරගෙන යනවා ඉදිරියටත්.

 රංගනයේ පවතින්න රූපය, හැකියාව වගේම බොහෝ දේවල් ථචඪදබචඪද කරන්න වෙනවා. කසුනුත් මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවාද?

ඔව්. කලාවේ ඉන්න නම් හැකියාව වගේම යම්තාක් දුරකට පෙනුමත් තියෙන්න ඕන. ඉතින් මම හැකියාව වගේම පෙනුමත් ථචඪදබචඪද කරනවා.

 අලුත් වැඩ මොනවාද?

රන්වල බළකායේ දිගටම රැඳී ඉන්නවා. ඒකත් එක්ක රටට අවශ්‍ය දේශීය සංගීතයක් හදන්න සන්දර්ශන, වැඩමුළු වගේ දේවල් කරනවා. ලංකාවේ විතරක් නොවෙයි. දැනට අපි ඩුබායි, අබුඩාබි, ඕස්ට්‍රේලියාව වගේ රටවලත් ඒ දේවල් අරගෙන ගිහින් තියෙනවා.

 ස්තුති කරන්න පිරිසක් ඇති නේද?

ඔව්. මම හඳයා නාට්‍යයට තෝර ගත් ප්‍රභාත්
රෝෂන් නිෂ්පාදකතුමා, ප්‍රවීණ නිළියක් වන නිමන්ති පෝරගේ මහත්මිය, සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂතුමා සහ ධනුෂ්ක පෙරේරා සහාය අධ්‍යක්ෂතුමා ඇතුළු පිරිසටම ස්තුති කරන්න ඕන.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
ඡායාරූපය : තිළිණ ප්‍රනාන්දු

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon