කරාපිටිය රෝහලේ සහ ඇල්පිටිය රෝහලේ නව වාට්ටු සංකීර්ණ විවෘත කිරිම (19) වන දා

  👤  1835 readers have read this article !
Published by : MB WEB 2018-01-17 09:23:18

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 09 කින් යුත් අංග සම්පුර්ණ ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම සහ ඇල්පිටිය මුලික රෝහලේ මහල් 08 කින් යුත් වාට්ටු සංකිර්ණයට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින සිදු කිරීමට කටයුතු යොදා ඇත.

එදින පෙරවරු 10.00 ට කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු සංකිර්ණයට මුල්ගල් තැබෙන අතර ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 1587 ක් වේ. එදින පස්වරුවේ ඇල්පිටිය මුලික රෝහලේ වාට්ටු සංකිර්ණයට මුල්ගල් තබන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2065 කි.

මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විඡේලාල් ද සිල්වා, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගිවීමට නියමිතය

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon