ගම්පහ දිස්ත්‍රික්කයේ සහන මෙහෙයුම්වල භට පිරිස් තවදුරටත්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ, ග්‍රාම නිලධාරි වසම් 20 කට වැඩි ප්‍රදේශයක් පුරා පසුගියදා ඇතිවූ හදිසි තද සුළි සුළං තත්ත්වය හේතුවෙන්, එම ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාජිකයින්ගේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව තවදුරටත් සහන සේවා කටයුතු වල නිරතව සිටියි.
සිකුරාදා (12) දින සන්ධ්‍යාවේ දී බස්නාහිර පළාතේ හදිසි තද සුළි සුළං හේතුවෙන් ඇතිවු ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය සහන සේවා කටයුතු වල නිරත විය.
14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ මඟපෙන්වීම යටතේ භට පිරිස් විසින් මාර්ග පිරිසිදු කිරීම්, බිඳවැටුණු විදුලිය නැවත ලබාදීම්, කඩා වැටුණු ගස් කපා ඉවත් කිරීම්, තාවකාලික නිවාස ඉදිකරදිම්, කසළ ප්‍රවාහන කටයුතු සහ අනෙකුත් සහන සේවා කටයුතු වල තවදුරටත් නිරතව සිටියි.
හදිසියේ ඇතිවූ තද සුළි සුළං හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශයන්හි එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.
14 වන සේනාංකය යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සහ 141 වන බලසේනාවේ භට පිරිස් දික්ලන්ද, කටුකෙන්ද, සිරිගන්වත්ත, අලුගොල්ල, අඟලේගෙදර, මැල්ලවගෙදර, හීරළුගෙදර, පෙතිගොඩ, පොල්හේන, තම්මිට, කුඩගම්මාන, හේගවත්ත, වරඳාල, පහලමඩිතියවෙල, උල්ලපොල, තලමඩිතියවෙල, හුණුමුල්ල, කළුමඩ සහ දෙල්වඟුර යන ප්‍රදේශයන්හි හානියට ලක්වූ නිවාස 661 කට වැඩි ප්‍රමාණයක් නැවත යථා තත්ත්වයට පත් කරන ලදි.
හදිසි ආපදා තත්ත්වයට ලක්වූ අලුගොල්ල, මල්ලවගෙදර, දික්ලන්ද, කටුකෙන්ද, හීරළුගෙදර සහ ගිරිඋල්ල යන ප්‍රදේශන්හි 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා නිරික්ෂණ සංචාරයක නිරතවෙමින් සහන සේවා කටයුතු වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් දිරිමත් කළහ.
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24