අයිශ්වර්යාගේ ගණන්වලට නිෂ්පාදකවරු අහුවෙලා

  👤  3729 readers have read this article !
Published by : MB WEB 2018-01-18 10:16:21

ලෝක රූ රැජන කිරුළ දිනා ගත් බොලිවුඩයේ සුරූපිනිය අයිශ්වර්යා රායිගේ රංගන හැකියාවන් ඇගේ රූ සපුවට දෙවැනි වන්නේ නැහැ. 40 වැනි විය ඉක්ම වුවත් ඇය අදටත් බොලිවුඩයේ මුල් පෙළේ සිටින තරු අතරට එක් වෙනවා.

1967 වසරේ තිරගත වූ Raat Arudin චිත්‍රපටයේ නව නිෂ්පාදනයක් ලෙසින් සැලකෙන අලුත් චිත්‍රපටය සඳහා අයිශ්වර්යා ඉන්දියානු රුපියල් කෝටි 10ක මුදලක් ඉල්ලා තිබුණේ ඇයගේ අය කිරීම්ද ඉහළ නංවමින්. නර්ගිස් දත්ගේ චරිතයට පණ පොවන ඇයට මෙහි ද්විත්ව චරිත නිරූපණය කිරීමටත් අවස්ථාව හිමි වෙනවා. මේ චරිතයට වැඩි වෙහෙසක් ගන්නට සිදුවන නිසාම ඇයගේ මේ අය කිරීම්වලටත් චිත්‍රපට නිෂ්පාදකවරුන් එකඟ වෙලා.

කොහොම වුණත් මේ චිත්‍රපටය ගැන නිෂ්පාදකවරුන් ඉන්නෙත් ලොකු බලාපොරොත්තුවකින්.

අයිශ්වර්යා රායි මේ චිත්‍රපටයට එක්වීම නිසා මෙහි නිෂ්පාදකවරුන් පවා එහි සාර්ථකත්වය ගැන මේ වෙන කොටත් හීන මවනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon