වෙසක් උළෙල නිමිත්තෙන්

  👤  1308 readers have read this article !
Published by : MB WEB 2018-01-13 11:07:23

බෞද්ධ සාහිත්‍යගත සිද්ධාර්ථ-යශෝධරා පූජනීය ප්‍රේම වෘතාන්තය වූ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බිම්බා දේවි හෙවත් යශෝධරා" චිත්‍රපටය වෙසක් උළෙල නිමිත්තෙන් අප්‍රේල් 26දා සිට දිවයින පුරා ඡ්.ඒ.ර්ථී. සිනමාහල්වල තිරගත වේ.

සරසවි සිනෙරු වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කරන මේ චිත්‍රපටයේ සම නිෂ්පාදනයට දායක වන්නේ කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී, චාන්ද්‍රි හපුතන්ත්‍රීය.
පල්ලවී සුභාෂ්, ඒ චෞද්රී යන භාරතීය නළු නිළි යුවළ සමඟ දිනෙත් ද සිල්වා, කමල් දේශප්‍රිය, අජිත් වීරසිංහ, සංගීිතා තදානි, ශම්මු කසුන්, නෙත්සුක මුළුතැන්රාල, තුමිඳු ‍ෙදාඩංතැන්න, උදාරි පෙරේරා, හේෂාන් මනුල, විල්සන් ගුණරත්න, රුචී ලක්මාලි සෙසු චරිත මෙහි රඟපාති.

මේ චිත්‍රපටයේ ගේය කාව්‍ය රචනය, සංවාද රචනය, තිර රචනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. චන්න දේශප්‍රිය, කැමරා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංස්කරණය රුක්මාල් නිරෝෂ්ගෙනි. විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂවරයාය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. ගායනයට විශාරද නන්දා මාලිනී හා ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය ලියනාරච්චි, ඉනෝකා අහංගම එක්වේ. නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහගෙනි. නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්තය. නිෂ්පාදන කළමනාකරණය මනෝහාරී හේවාවසම්ගෙනි. ප්‍රියන්ත දිසානායක වේශ නිරූපණය කළ මේ චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණය තිළිණ හෙට්ටිගමගේගෙනි. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී. රංජිත් කුමාර සහ නිමල් විජේසිරිගෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon