රජයේ හා පෞද්ගලික සියලුම පාසල්වල පළමු වැනි ශේ්‍රණියේ පන්ති 15දා ඇරැඹේ

  👤  1453 readers have read this article !
Published by : MB WEB 2018-01-12 15:06:03

රජයේ සියලුම පාසල් හා රජයේ ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්වල පළමු වැනි ශේ්‍රණියේ පන්ති ලබන සඳුදා (15දා) ආරම්භ කෙරේ.

මේ වසරේ පළමු වැනි ශේ්‍රණියට ඇතුළත් කරගත් සිසු දරුවන්ට එදින පන්ති පටන් ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දන්වා ඇත.

පළමු වැනි ශේ්‍රණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය කොළඹ ඉසිපතන විද්‍යාලයේදී සඳුදා (15දා) පෙරවරු 8ට පැවැත්වේ. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගි වේ.

2021 වසරේදී පළමු වැනි ශේ්‍රණියේ පන්තියක සිටිය යුතු උපරිම සිසුන් ගණන 35ක් බවට පත්කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ යටතේ මේ වසරේදී ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 38ක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් ගුරුවරයකුට අවධානය ලක් කළ හැකි උපරිම සිසුන් ගණන 35ක් විය යුතු බවත් අන්තර්ජාතික වශයෙන් පවා පිළිගන්නා තත්ත්වයක් වන බැවින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අමාත්‍යාංශය කියයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon