රත්නපුර පාපන්දු ක්‍රීඩකයන් ‍ෙදාළොස් දෙනකුට උපහාර

  👤  1100 readers have read this article !
Published by : MB WEB 2018-01-11 16:18:09

පසුගිය වසරේ අභිනවයෙන් පිහිටුවා ගන්නා ලද රත්නපුර දිස්ත්‍රික් ප්‍රවීණ පාපන්දු ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උළෙල එම සංගමයේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 14 වැනි දින රත්නපුර මහ නගර සභා සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම ක්‍රීඩා උළෙලට සය සාමාජික පාපන්දු තරගයක්ද කොළඹ සෝන්ඩර්ස් තරුණ පිල හා රත්නපුර තරුණ පිල අතර තරගයක්ද පැවැත්වෙන අතර රත්නපුර පාපන්දු ක්‍රීඩාවට අමිල මෙහෙයක් සිදු කරන ලද ප්‍රවීණ පාපන්දු ක්‍රීඩකයන් ‍ෙදාළොස් දෙනෙකු සඳහා උපහාර පිදීමේ උළෙලක්ද පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon