එක්සත් ජාතික පෙරමුණේ ජාතික ඡන්ද ව්‍යාපාරය 18 වැනිදා මහනුවරින් ඇරැඹේ

  👤  1807 readers have read this article !
Published by : MB WEB 2018-01-11 14:14:53

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද ව්‍යාපාරය මේ මස 18 වැනි දින ඓතිහාසික මහනුවර නගරයෙන් ආරම්භ කෙරේ. එක්සත් ජාතික පෙරමුණේ පළමු ප්‍රචාරක මහජන රැලිය එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළෙඳපොළ භූමියේදී එදින සවස 3.00ට පැවැත්වෙයි.

මහනුවර නගරයෙන් ජාතික ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනේ දිස්ත්‍රික්ක 25ක පැවැත්වෙන ප්‍රචාරක රැලි ඇමැතීමට නියමිතය. මේ ජාතික ප්‍රචාරක වැඩපිළිවෙළට සමගාමීව එජාප මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා දිස්ත්‍රික්ක සංවිධාන සම්මන්ත්‍රණ 25ක් ඇමැතීමටද නියමිතය. මීට අමතරව ශ්‍රී ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාසයකම එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් දිනකට වතු රැස්වීම් 10 බැගින් පැවැත්වීමටද සිරිකොත පක්ෂ මූලස්ථානය විධිවිධාන යොදා තිබේ.

මේ වතු රැස්වීම්වලට නායකත්වය දෙන ලෙස අදාළ ආසන නියෝජනය නොකරන වෙනත් මැතිවරණ කොට්ඨාසවලින් පැමිණෙන මැති ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon