කාන්තා මත්පැන් තහංචි ඉවත් කෙරෙයි

  👤  2254 readers have read this article !
Published by : MB WEB 2018-01-11 11:50:25

වයස අවුරුදු 18 ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අවසර ලබා දීමට රජය තීන්දු කර තිබේ.

ඒ අනුව වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවනු ඇත.

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට තීන්දු කළ බව රජය පැවසීය.

අදාළ නීතිය සංශෝධනය කෙරුණු බව බදාදා(10) නිවේදනය කෙරෙනු අතර ඒ අනුව මත්පැන් අලෙවිසැල් තුළ සේවය කිරීම සඳහා ද කාන්තාවන්ට පූර්ව අනුමැතියක් අවශ්‍ය නොවේ.

කෙසේ නමුත් අදාළ නීතිය තදින් ක්‍රියාත්මක නොවුණු අතර එම තහනම ඉවත් කිරීම පිළිබඳ සමාජ ජාල තුළ මිශ්‍ර ප්‍රතිචාර පළ වෙමින් තිබේ.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon