නිල ඇඳුම් වවුචරයේ කාලය දිගු කරයි

  👤  1842 readers have read this article !
Published by : MB WEB 2018-01-10 13:47:42

පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා සිසුන්ට නොමිලේ ලබාදෙන වවුචරයේ කල් ඉකුත් වන දිනය මෙම මස 30 වැනිදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

මේ වවුචරයේ කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2017 දෙසැම්බර් 31 වැනිදාටය. එහෙත් ඇතැම් ප්‍රමාද හේතුවෙන් සිසු දරුවන්ට නියමිත වේලාවට රෙදි ලබා ගැනීම සඳහා ඇති වූ අපහසුතා ගැන දැනගත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් වවුචරයේ කල් ඉකුත් වන දිනය දීර්ඝ කිරීමට නිලධාරීන්ට නියෝග කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon