විවෘත බැඩ්මින්ටන් තරගාවලියක් අම්බලන්ගොඩදී හා ගාල්ලේදී

  👤  2148 readers have read this article !
Published by : MB WEB 2018-01-10 11:09:48

දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරනු ලබන හැළඹගේ ප්‍රේමසිරි අනුස්මරණ කුසලාන විවෘත ශේ්‍රණිගත කිරීම් බැඩ්මින්ටන් තරගාවලිය අද (10දා) සිට 14 වැනිදා දක්වා අම්බලන්ගොඩ හා ගාල්ලේ ස්ථාන තුනක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

අවුරුදු 11න්, 13න්, 15න්, 17න් හා 19න් පහළ යන වයස් කාණ්ඩ හා විවෘත පිරිමි හා කාන්තා වශයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවුරුදු 11න් හා 13න් පහළ තරග ගාල්ලේදීත්, අනෙකුත් තරග නගර සභා ගෘහස්ථ පිටියේදී හා ධර්මාශෝක විදුහල් ගෘහස්ථ පිටියේදීත් පැවැත්වීමට නියමිතව ඇත.
විවෘත තරගාවලිය සඳහා ලක්ෂ 5ක මුදලක් (පිරිමි කේවල-යුගල, කාන්තා කේවල-යුගල හා මිශ්‍ර යුගල) පිරිනැමීමට නියමිතව ඇති අතර, අනෙකුත් වයස් කාණ්ඩ තරග සඳහා ක්‍රීඩා උපකරණ, පදක්කම් හා සහතික පත්‍ර පිරිනැමේ.
කෙසේ වෙතත් තරගාවලිය සඳහා මේ වන විට අයැදුම්පත් 800කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවද පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon