මාගම්පුර වරායේ ඉවත් කළ සේවකයෝ මාරාන්තික උපවාසයක

  👤  1940 readers have read this article !
Published by : MB WEB 2018-01-09 10:11:56

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයන් හට මෙතෙක් ඔවුන්ගේ ඉල්ලීම් ගැන බලධාරීන් කිසි විසඳුමක් ලබා නොදුන් බැවින් අද (9දා) සිට සේවකයන් 438 දෙනා මාරාන්තික උපවාසයක නියැළීමට කටයුතු කර ඇති බව මාගම්පුර වරාය සේවක සංමයේ සභාපති අයි.කේ. ඔමේෂ් පවසා සිටියේය.

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගම යටතේ සේවය කළ සියලු සේවකයන් හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට බදු දීමට ප්‍රථමයෙන් පසුගිය වසරේ නොවැම්බර් මස 30දා සිට සේවයෙන් ඉවත් කෙරුණු අතර ඒ වන විට එම සේවකයන් මාගම්පුර වරායේ වසර 5කට වඩා සේවය කර තිබේ.

තම රැකියා අහිමි වී දින 41ක් වන අද (9දා) දින දක්වා වගකිවයුතු සියලුම පාර්ශ්වයන් දැනුවත් කළත් මේ වන විට ඔවුන් හට සෑහීමකට පත්විය හැකි කිසිදු විසඳුමක් ලබා නොදුන් බැවින් අද (9දා) සිට මාරාන්තික උපවාසයක් වරාය පිවිසුම් ‍ෙදාරටුව අබියස ආරම්භ කරන බවද මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි. කේ. ඔමේෂ් මහතා පැවැසීය.

"අපගේ සේවකයන් 438 දෙනකු වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස හෝ සේවකයන් මේ වන විට තමන් කරන ලද රැකියාවේ ස්වභාවයට අනුව ගෙන තිබෙන ලක්ෂ 30කට වඩා වැඩි ණය මුදල් පියවා ගත හැකි ආකාරයේ වන්දි මුදලක් හෝ ලබාදෙන ලෙස තමයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ. නමුත් මේ වන විට මේ සේවකයන් හට ලබාදීමට කටයුතු කළේ දෙලක්ෂ හැත්තෑ දාහක පමණ මුදලක්. මේ වන්දි මුදල කළ සේවාවට කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවයි වරාය සේවක සංගමයේ සභාපති අයි. කේ. ඔමේෂ් පවසා සිටියේ.

හම්බන්තොට මාගම්පුර වරායේ සේවය කළ සේවකයන් තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් වරාය පිවිසුම් ‍ෙදාරටුව අබියස පසුගියදා (6දා) පෙරවරුවේ සිට සත්‍යග්‍රහයක්ද ආරම්භ කරන ලදී.

තම දරුවන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලමින් සේවය අහිමි වූ මාගම්පුර වරාය සේවකයන් මවුපියන්ගේ සත්‍යග්‍රහයද 50 වැනි දිනටත් එම ස්ථානයේදීම පැවැත්වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon