මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් - තිදෙනෙකුට තුවාල

  👤  1285 readers have read this article !
Published by : MB WEB 2018-01-08 13:22:32

මියන්මාර ආණ්ඩුවට එරෙහිව දිගටම සටන් වදින බව එරට සුළුතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලි කණ්ඩායමක් පවසයි.

'අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව' හෙවත් 'අර්සා' කැරලි කණ්ඩායම පසුගිය වසරේ දී මියන්මාර ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග ආරම්භ වූ හමුදා මෙහෙයුම් හේතුවෙන් රෝහින්ග්‍යා සාමාන්‍ය වැසියන් හය ලක්ෂ පනස් දහසකට පමණ අසල්වැසි බංග්ලාදේශය වෙත පළා යාමට බල කෙරිණි.

පසුගිය සිකුරාදා රඛයින් ප්‍රාන්තයේ ධාවනය වෙමින් තිබූ හමුදා ට්‍රක් රථයක් වෙත රැක සිට එල්ල කළ ප්‍රහාරය පිටුපස තමන් සිටින බව 'අර්සා' කැරලි කණ්ඩායම පවසයි.

එම ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

'අර්සා': මේ කවුද?

මියන්මාර ආණ්ඩුව විසින් 'අර්සා' කැරලිකරුවන් හඳුන්වනු ලබන්නේ 'ත්‍රස්තවාදීන්' ලෙසය.

රෝහින්ග්‍යා ජනතාවගේ දේශපාලනික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා තමන් සටන් කරන බව 'අර්සා' කැරලිකරුවෝ පවසති.

මියන්මාර ආණ්ඩුව කියා සිටියේ රෝගියෙකු රෝහලක් වෙත රැගෙන යමින් තිබු හමුදා ට්‍රක් රථයක් "අන්තවාදී බංග්ලාදේශ ත්‍රස්තවාදීන්" විසි දෙනෙකුගේ පමණ ඉලක්කය වී ඇති බවය.

ප්‍රහාර එල්ල කිරීම සඳහා කැරලිකරුවන් විසින්ම සාදා ගන්නා ලද බෝම්බ සහ ආයුධ යොදා ගෙන ඇති බවත් මියන්මාර ආණ්ඩුව සඳහන් කරයි.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon