ඔලිම්පික් කමිටු නිලවරණය 23දා

  👤  1725 readers have read this article !
Published by : MB WEB 2018-01-05 15:26:38

ඊයේ සවස පැවැති ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහා සභා රැස්වීම ගාලගෝට්ටියක ස්වරූපයක් ගත් අතර, කෙසේ වෙතත් මීළඟ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පෙබරවාරි මස 23 වැනිදා පැවැත්වීමට තීරණය වී ඇත.

ඒ අනුව අදාළ නාම යෝජනා භාරගැනීම පෙබරවාරි මස 09 වැනිදාට සිදු කිරීමට නියමිතව ඇති අතර, ඔලිම්පික් කමිටු සාමාජිකත්වය නොමැති සංගම් කිහිපයක සාමාජිකයන් රැස්වීම වෙත කැඳවා තිබීම හේතුවෙන් එවන් කලහකාරී තත්ත්වයක් ඇති වූ බව "මව්බිම"ට වාර්තා වේ.

ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් සභාව රැස්වුවද ඔහු විසින් සභාව නිසි ලෙස හැසිරවීමේ වගකීමෙන් තොරව කටයුතු කළ නිසා එවන් තත්ත්වයක් මතු වූ බව ඊයේ මහ සභාවට රැස්වූ සංගම් නියෝජිතයෙක් "මව්බිම"ට ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් මින් පෙර නොවැම්බර් මාසයේදී රැස්වූ මහ සභාවකදී ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය මෙම මස 9 වැනිදා පැවැත්වීමට යොදාගත් අතර. එම දිනය යළිත් කල් දැමීම සිදු කළාක් මෙන් පෙබරවාරි 9 වැනිදාට යෙදෙන නිලවරණයද වත්මන් ජාතික ඔලිම්පික් කමිටු පාලකයන් විසින් යළිත් කල් දැමීමේ උත්සාහයක නිරත වනු ඇති බවට සැකයක් බහුතර සාමාජික සංගම් තුළ මතු වූ ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon