එක්දින ක්‍රිකට් නායකයා පත්කරන්නෙ 9දා ලු

  👤  2072 readers have read this article !
Published by : MB WEB 2018-01-05 11:26:57

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින නායකයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැති විශේෂ සාකච්ජාවකදී ඇන්ජිලෝ මැතිව්ස් හෝ වත්මන් ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් යන දෙදෙනාගෙන් එක් අයකු පත්කර ගැනීමට තීරණය කර ඇති අතර එක්දින ක්‍රිකට් නායකයා කවුරුන්ද යන නිල ප්‍රකාශය ජනවාරි 9 වන දා නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

එම සාකච්ජාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, උප සභාපති (ජාත්‍යන්තර ක්‍රිකට්) කේ. මතිවානන්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක අෑෂ්ලි ද සිල්වා, ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ගේ‍රහෙම් ලැබ්රෝයී, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන් සහභාගි වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon