රිනවුන් - කලම්බු එෆ්.සී. අවසන් ගැටුම - 14දා

  👤  1469 readers have read this article !
Published by : MB WEB 2018-01-04 14:53:05

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ලද ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ මේ වන විට අපරාජිත රිනවුන් සහ කලම්බු එෆ්.සී. පාපන්දු කණ්ඩායම් අතර ජනවාරි 14 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සවස 6.30ට කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වීමට නියමිතය.

මේ වනවිට රිනවුන් කණ්ඩායම ලකුණු 40ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර පසුගිය වසරේ ශූරතාව දිනාගත් කලම්බු එෆ්.සී. කණ්ඩායම ලකුණු 37ක් සමඟ දෙවන ස්ථානයේ පසුවෙයි.

රිනවුන් කණ්ඩායම තරග 16ක් ක්‍රීඩා කර ඉන් තරග 12ක් ජය ගෙන අනෙකුත් තරග ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇති අතර කලම්බු එෆ්.සී. කණ්ඩායම තරග 16ක් ක්‍රීඩා කර ඉන් තරග 11ක් ජයගෙන තරග 4ක් ජය පරාජයෙන් තොරව හා එක් තරගයක් පරාජය වී තිබේ.

කෙසේ වෙතත් ඉතා තීරණාත්මක තරගයක් වන අවසන් මහ තරගයේදී රිනවුන් කණ්ඩායම ශූරතාව දිනාගැනීමට නම් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගත යුතුව ඇති අතර කලම්බු එෆ්.සී. කණ්ඩායමට ශුරතාවට හිමිකම් කීමට අවසන් තරගය කෙසේ හෝ ජයගත යුතුව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon