නව ක්‍රිකට් ලේකම් රොෂාන්

  👤  1870 readers have read this article !
Published by : MB WEB 2018-01-04 12:07:30

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් කොමදෝරු රොෂාන් බියන්විල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස පත් කිරීමට ඊයේ පස්වරුවේ හදිසියේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක සභාව තීරණය කර ඇත. කෙසේ වෙතත් මෙම පත්වීම සඳහා මේ මස 7දා පැවැත්වීමට නියමිත අතිරේක මහා සභා රැස්වීමේදී අනුමැතිය ලබා ගත යුතු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා දේශීය ක්‍රිකට් භාර උප සභාපතිවරයා තනතුරට පත් කිරීමෙන් ලේකම් තනතුරේ පුරප්පාඩු ඇතිවිය.

රොෂාන් බියන්විල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී මෙම නව ලේකම් තනතුරට පත් කළ අතර ආරක්ෂක සේවා ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් බියන්විල මහතා ක්‍රිකට් විධායක සභාවට පත්ව සිටියේ යුද, ගුවන් හා නාවික යන හමුදාවන් අතරේ වසර දෙකකට වරක් හිමිවන වසර 2ක කාල සීමාව ඔහු වෙතද ලැබූ නිසාය.

කෙසේ වෙතත් මෙම නව ලේකම් තනතුර සඳහා විධායක කමිටු සාමාජික සමන්ත ‍ෙදාඩන්වෙල මහතාගේ නමද යෝජනා වී තිබූ බවද පැවැසෙන අතර ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව බියන්විල මහතාගේ නම යෝජනා වී ඇත. තවද බියන්විල මහතා ගුවන් හමුදාවේ ක්‍රීඩා භාරව කටයුතු කරමින් අවංක සහ කාර්යශූර නිලධාරියකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon