'නිස්සාර' ගීතයේ සැඟවුණු සැබෑව අභිෂේකා හෙළි කරයි

  👤  2851 readers have read this article !
Published by : MB WEB 2018-01-03 17:02:02

"ලෝකයාට පේන්න හිනා වෙලා හිටියට, හිත් ඇතුළේ කාටවත් කියන්නෙ නැති, මැරෙනකොට අපිත් එක්කම වැළලිලා යන කතාවක් තියෙනවා."

'නිස්සාර' ඔබේ අලුත් ගීතය. දැන් බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙලා. ගීතයේ නිර්මාණ පසුබිම ගැන මුලින්ම කතා කරමු?

මේ ගීතය මියුසික් කළේ දිලුම් තේජන. වීඩියෝ එක කළේ චමිල පතිරණ. ගීතය ලිව්වේ මම. 'නිස්සාර' කියන්නේ අපේ තාත්ති ආසම සින්දුවක්.

මේ වගේ තේමාවක ගීතයක් ලියන්න විශේෂ කාරණාවක් තිබුණද?

ඒකට විශේෂ හේතුවක් නැහැ. ඒත් මට හිතෙනවා මේක තමයි අපි හැමෝගෙම ජීවිතවල සැඟවුණු කතාව කියලා. හුඟක් අය ලෝකයාට පේන්න හිනා වෙලා හිටියට, හිත් ඇතුළේ කාටවත් කියන්නෙ නැති මැරෙනකොට අපිත් එක්කම වැළලිලා යන කතාවක් තියෙනවා.

දැන් තියෙන සරාගී මියුසික් වීඩියෝ රැල්ලෙ යන්නෙ නැතිව අපූරු මියුසික් වීඩියෝවකුත් මෙයට නිර්මාණය කරලා තියෙනවා නේද?

ඒකට පළමුවැනිම හේතුව තමයි මට ඉන්නෙ අවුරුදු හතරක දුවෙක්. ඉතින් දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි එහෙම ඒවා කරන අයට මම වරදක් කියන්නෑ. ඒවත් තියෙන්න ඕන. නමුත් මගේ ගීතයට ගැළපෙන ලස්සන වීඩියෝවක් නිර්මාණය වුණා.

ඇයි මෙච්චර කාලයක් ගත්තෙ ගීතයක් කරන්න?

අන්තිමට කළේ 'රිදි රිදි' කියන ගීතය. පසුගිය දෙසැම්බර් 29 වැනිදා තාත්ති නැති වුණා. ඉතින් ඒ නිසාම අලුත් වැඩක් කරන්න ටික කාලයක් ගත වුණා.

අභිෂේකාට ඕන වුණේ හොඳ ගීතයක් කරන්නද? නැත්නම් යූ ටියුබ් ඍඪඥඹඵ වැඩිපුර ගන්න ගීතයක් කරන්නද?

ඍඪඥඹඵ වැඩි කරගන්න තුන්හිතකවත් අරමුණක් තිබුණෙ නැහැ. බනින්නෙ නැති හොඳ කමෙන්ට්ස් ලබා ගැනීම තමයි මගේ අරමුණ වුණේ.

නිස්සාර යූ ටියුබ් ට්‍රේන්ඩින්වල පළමුතැනට ඇවිත්. ඒ ගැනත් සතුටු ඇති?

මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. ඒත් ගීතය රිලීස් කරලා දවසින් ට්‍රේන්ඩින් ලිස්ට් එකේ පළමු වැනි ස්ථානයේ තිබුණා. මට ලොකු අභියෝගයක් තිබුණා හොඳ නිර්මාණයක් කරන්න. ඇත්තටම තාමත් මේක මට හීනයක්.

ගීතය මාධ්‍යවලින් ප්‍රචාරය කරගන්න ගැටලුවක් නැද්ද?

පැහැදිලිවම නැහැ. සියලුම නාළිකාවලට මම හුඟක් ස්තූතිවන්ත වෙනවා. ජ්ර් චැනල්, පත්තර ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා. මට ගීතය වෙනුවෙන් හොඳ ඉඩක් ලැබුණා.

සිරස ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවත් එක්ක අභිෂේකා කතාබහට ලක්වෙන චරිතයක් වෙලා නේද?

ඔව්, ඒ ගැන සතුටුයි. මොකද අද වෙනකොට මම කවුද කියන එක මම ඔප්පු කරලා ඉවරයි.

විනිශ්චය මණ්ඩලයේ පුටුවක් ඔබ වෙනුවෙන් වෙන්වීම නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මිනිස්සු පාරෙ යනකොට මට කතා කරන විදිය, එයාලගෙ ඇස්වල තියෙන ආදරය මට හොඳට පේනවා. හුඟක් සතුටුයි.

අභිෂේකා කමෙන්ට් දෙන විලාසය විවේචනය කරන්නත් පිරිසක් ඉන්නවා නේද?

මෙහෙමයි ලෝකයේ සියයට සියයක් අංග සම්පූර්ණ මනුස්සයා ඔතන වාඩි වුණත් ඒ මනුස්සයටත් විරුද්ධව කතා කරන අය එක්කෙනෙක් හරි ඉන්නවා. නමුත් ලංකාවේ බහුතරයක් බුද්ධිමත් මිනිස්සු මගෙත් එකක් මේ ගමන යන්න ඉන්නවා. ගොඩක් මිනිස්සු ඉල්ලන දේ වෙනුවට මිනිසුන්ව අඩියක් හරි උඩට ගන්න පුළුවන් දේ දෙන එක තමයි කලාකරුවකුගේ වගකීම. ඒක මම හිතන විදිය. ඉතින් කවුරු මොනා කිව්වත් මගේ විදිහ මම වෙනස් කරන්නෙ නැහැ. නමුත් මගෙත් එක්ක ලොකු පිරිසක් ඉන්නවා.

අභිෂේකා විදේශ වැඩසටහනක විනිශ්චයකාරිනියක් අනුකරණය කරනවා කියලත් විවේචනයක් තියෙනවා නේද?

මේක ඇත්තටම රියලැටි වැඩසටහනක්. ජාත්‍යන්තර වැඩසටහනක් ලංකාවට ගේනකොට අපිට ඒක ඒ විදියටම ගේන්න බැහැ. පුංචි වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් මේ වැඩසටහන සජීවීව බැලුවොත්. ර්ථීපධඤභජබඪධද ඊඥචථ එකෙන් අපිට කිසිම බලපෑමක් නැහැ. මම කරන්නෙ රඟපෑමක්ද කියලා මාව දන්න අය දන්නවා. ගොඩක් වෙලාවට බල්ලො බුරන්නෙ අඳුරන්නෙ නැති මිනිසුන්ට.

විනිශ්චය මණ්ඩලයේ ඉඳගන්න අභිෂේකට තියෙන සුදුසුකම ගැනත් සමහරු ප්‍රශ්න කරලා තිබුණා?

මම හිතන්නෙ විනිශ්චය මණ්ඩලයේ වාඩිවෙන්න හොඳ කනක් සහ හොඳ හදවතක් තිබුණොත් හොඳටම ඇති. අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි.

පසුගිය කාලේ පසුබිම් ගායනයටත් අභිෂේකා එකතු වුණා නේද?

ඔව්. චිත්‍රපට සහ නාට්‍ය කීපයක ගීත ගායනා කළා. ළඟදීම උදයකාන්ත වර්ණසූරිය මහත්තයගෙ 'වස්සානයේ සඳ' චිත්‍රපටය එනවා. ඒකේ ඩුවට් එකකට මම සම්බන්ධ වුණා.

රංගනයට එන්න අදහසක් නැද්ද?

කිසිසේත්ම නැහැ.

මොනවද අභිෂේකාගේ තවත් අලුත් වැඩ?

දැනට මම සංගීතය පැත්තෙන් විශාරද ඉවර කරලා තියෙනවා. සංගීත ශාස්ත්‍රපති අවසන් වසර ඉගෙන ගන්නවා. ශාස්ත්‍රවේදිනියක් විදියට කලා අංශයෙන් මගේ උපාධිය අවසන් කළා. ඊට අමතරව මගේ ව්‍යාපාරයේ තවත් ශාඛාවන් දෙකක් ආරම්භ කළා.

ලක්ෂිකා දිව්‍යාංජලි වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon