ලෝක කුසලානයට යන දෘශ්‍යාබාධිත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ක්‍රිකට් ආයතනයෙන් අත්වැලක්

  👤  1599 readers have read this article !
Published by : MB WEB 2018-01-03 15:26:56

මේ මස 9 වැනිදා සිට 22දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ලාහෝරයේදී පැවැත්වීමට නියමිත පස්වැනි දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්ව ඇත.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනකු හා නිලධාරීන් තිදෙනකු ඇතුළත්ව ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ගේ ක්‍රිකට් උපකරණ සහ ගුවන් බලපත්‍ර සඳහා රුපියල් මිලියන 1.1ක් (රුපියල් ලක්‍ෂ එකොළහක් පමණ) වැයකර ඇත.

කෙසේ වෙතත් පන්දුවාර 40 ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 6 වැනිදා ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය. මේ අතර දෘශ්‍යාබාධිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පුහුණුවීම් සඳහා එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැති විකට්ටුව, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල මෙන්ම පුහුණුකරුවකුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන ලදී. 2012 වසරේ සිට පැවැත්වෙන මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙතෙක් පැවැති සියලුම තරගාවලියන්හි ශූරතාව ඉන්දියාව විසින් දිනා ඇති අතර, 2014 වසරේදී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චන්දන දේශප්‍රිය විසින් දරන අතර, තරගාවලියේ මූලික තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon