විවාහයෙන් පස්සෙ ඉන්න කෝලියි-අනුෂ්කයි ගත්ත සුපිරිම මහල් නිවස

  👤  3830 readers have read this article !
Published by : MB WEB 2018-01-02 17:25:12

ලෝකය පුරාම ඉන්න ක්‍රිකට් රසිකයන්ට වගේම බොලිවුඩ් රසිකයන්ටත් 2017 දෙසැම්බර් 11 වැනිදා හරිම පී්‍රතිමත් උත්කර්ෂවත් විවාහ මංගල්‍යයක් දැකගන්න ලැබුණා. ඒ වෙන කාගෙවත් නෙවෙයි විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ. අවුරුදු ගාණක ඉඳන්ම විරාත්, අනුෂ්කාගේ ආදර කතාව ගැන නිතරම කටකතාත් පැතිරුණා.

ඒ වුණත් මේ දෙන්නාගේ විවාහ මංගල්‍යය ගැන නම් කිසිම කෙනෙක් කලින් දැනගෙන හිටියෙ නැහැ. නමුත් පසුගිය දෙසැම්බර් 11 වැනිදා ඉතාලියේ ඊභඵජචදර ප්‍රදේශයේ මේ විවාහ උත්සවය ආකර්ෂණීයව පැවැත්වූවා. සාම්ප්‍රදායික ඉන්දීය චාරිත්‍රයන්ට අනුකූලව මෙය සිදු කෙරුවත් මේ උත්සවයට සහභාගි වුණේ සමීප නෑ හිතමිතුරන් කීපදෙනෙක් විතරයි. විවාහ උත්සවයට දින දෙකකට කලින් මේ යුවළගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය සමඟම මෙහෙන්දි උත්සවයත් පැවැත්වුණා.

විවාහයෙන් පස්සේ අනුෂ්කා-විරාත් යුවළ මධුසමයට පිටත්ව ගියේ සුන්දර පින්ලන්තයට, ඉතාලිය හා දකුණු අප්‍රිකාව වැනි රටවල් කිහිපයකටයි.
හිම වැටුණු පරිසරයක ගත් ඡායාරූප කිහිපයක් සමාජ ජාල වෙබ් අඩවියට එක් කරමින් මංගල උත්සවයට සහභාගි වූ අමුත්තන්ට ස්තුති කරන්නත් මේ යුවළ අමතක කළේ නැහැ. ලෝකයේම කතාබහට ලක්වුණු මේ යුවළගේ පෙම් කතාව මල්ඵල ගැන්වුණු මේ සුන්දර මංගල්‍යය උත්සවයට ක්‍රිකට් තරු වගේම බොලිවුඩ් තරුත් සුබපැතුම් එක් කළේ හද පිරි සතුටින්.
විරාත්-අනුෂ්කා යුවළගේ විවාහ මංගල්‍යයත් එක්කම හැමෝගෙම අවධානය දිනා ගත්තේ මේ යුවළ අලුතෙන්ම මිලදී ගත්ත සියලු පහසුකම්වලින් සපිරුණු අති සුඛෝපභෝගී කැදැල්ලයි.
මුම්බායිහි ඹධපතඪවල පිහිටි මේ නිවෙස මොවුන් මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 34ක් වැනි අධික මිලකටයි. මහල් 70කින් නිම වුණු මේ නිවාස සංකීර්ණයේ 34 වැනි මහල වෙන් වුණේ විරාත්-අනුෂ්කාගේ මනස්කාන්ත කැදැල්ලටයි. මේ මහල් නිවාසය මුම්බායිහි පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසවලින් එකක් වීම තවත් විශේෂත්වයක්. ප්‍රකට ක්‍රිකට් තරුවක් වූ යුවරාජ් සිංගේ නිවෙසත් මෙහි 29 වැනි මහලේ දැක ගන්නටත් පුළුවන්. 34 වැනි මහලේ වර්ග අඩි 7171 පමණ විරාත්ගේ කැදැල්ලට වෙන් වූයේ අති සුඛෝපභෝගී අංග කිහිපයක්ම නිවෙසට එක් කර ගනිමින්.

අරාබි මුහුදට මුහුණලා පිහිටි මෙම සුපිරි නිවෙසට වැඩි වටිනාකමක් හා සුන්දරත්වයක්ද එමඟින් එක් වුණා. එකිනෙකට වෙනස් වූ අභ්‍යන්තර ගෘහ අලංකරණ තේමාවන්ගෙන් හැඩ වුණු අගනා නිමාවෙන් නිර්මාණය වූ නිදන කාමර පහක්ද මෙහි දැකගත හැකියි. රූපවාහිනි නැරඹුම් කාමරය කහ වර්ණය තේමා කර ගනිමින් වැඩි වටිනාකමක් දිස්වන ලෙස නිමවා තිබෙන අතරම සාලයද අලංකාර වූයේ අගනා ලී ගෘහ භාණ්ඩ කිහිපයකින්. නිදන කාමර හා ආලින්දයේ කොටසක්ද බැල්කනියට විවෘත වන ලෙස පිහිටීමෙන් නිවෙසට ගෙන දෙන්නේ වැඩි නිදහස් බවක්.

ආකර්ෂණීය සිතුවමක් වැනි වූ මෙම අති සුඛෝපභෝගී නිවහනට හිමිකම් කියන ධනවත් තරු යුවළක් වන අනුෂ්කා-විරාත් දෙදෙනාගේ ආදායමත් අති විශාලයි.
අනුෂ්කා ශර්මා මේ වන විටත් බොලිවුඩයේ වැඩිම අය කිරීම් කරන සුරූපී නිළියන් අතරට එක් වෙනවා. ඇය මුලින්ම මෝස්තර නිර්මාණ ශිල්පිනියක් විදියට වෘත්තීය ජීවිතයට ආරම්භයක් ලබා ගත්තත් 2008 වසරේ ඇය අචඡ ව්ඥ ඕචදච ච්ඪ බ්ධඤඪ චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පා තබා සාර්ථක දිගු ගමනකට ආරම්භයක් ලබා ගන්නවා. මේ වන විට ඇය චිත්‍රපට නිෂ්පාදකවරියක් හා වෘත්තීය නිළියක් විදියටත් කටයුතු කරනවා.

2014 වසරේදී ඇය කෝටි 6ක පමණ මිලකට සුපිරි නිවහනක්ද මිලදී ගත්තා. ඇය චිත්‍රපටවල දායකත්වය දුන් මුල් වසර තුන තුළදීම ඇගේ වටිනාකම 80%කින් පමණ ඉහළ නංවාගත්තේ රංගන දක්ෂතාද ඔප්නංවා ගනිමිනුයි. මේ සමඟම අනුෂ්කාට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාම යටතේ අධික මුදලකට වෙළෙඳ දැන්වීම් රැසකටම පෙනී සිටීමේ අවස්ථාවද හිමි වී තිබෙනවා. ඇය මේ වන විට චිත්‍රපටයකට ඉන්දීය රුපියල් කෝටි 10ක් පමණ අය කරන්නේ බොලිවුඩ් තරු අතර ඉහළින්ම සිටිමින්. සාමාන්‍යයෙන් ගණනය කළ විට මේ වන විට අනුෂ්කාගේ පෞද්ගලික ආයෝජන හා සුපිරි වාහනවල වත්කම සලකා බැලීමේදී එහි මුළු වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 220ක් පමණ වන බවද පැවසෙනවා.

අනුෂ්කාගේ අතගත් සුපිරි ක්‍රිකට් තරුව වන විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයට එක්වන දක්ෂතම ක්‍රීඩකයෙක්. මේ වන විට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන විරාත් ලොව වේගවත්ම පිතිකරුවන් අතරට එක්වන බව නොරහසක්. පළමු තරග කිහිපයේදී ද්විත්ව ශතක ලබාගෙන ක්‍රිකට් රසිකයන්ගේ අවධානය දිනාගත් කෝලිගේ වත්කමත් දිනෙන් දින ඉහළ ගියේ ඉන්දීය ක්‍රිකට් තරු අභිභවා යමින්. එක්දින ක්‍රිකට් තරගවල සුපිරි පිති හරඹකරුවකු වූ කෝලි අයි.පී.එල්. ක්‍රිකට් තරගවලත් කැපී පෙනෙන දස්කම් දැක්වූවෙක්.

අයි.පී.එල්. ක්‍රිකට් තරගවල අධරචත ජඩචතතඥදඨඥපඵ ඡචදඨචතධපඥ කණ්ඩායමින් ඉදිරිපත් වන මොහු වැඩිම අය කිරීමක්ද සිදු කරන ක්‍රිකට් තරුවක්. වයස අවුරුදු 27 පමණ වන කෝලි මේ වන විටත් ක්‍රිකට් ලොව නම් දැරූ සචින් තෙන්දුල්කාර් හා දෝනි යන ක්‍රීඩකයන් අභිභවා යන බවටත් සැක පළ කරනවා. අනෙක් ක්‍රිකට් තරුවලට වඩා ලොව ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාම යටතේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීමේ වරම්ද හිමි වූ නිසා අද ලොව ධනවත්ම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවටත් ඔහු එක් වී සිටිනවා. කෝලිගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට ආසන්න වන බව මේ වන විටද ගණන් බලා තිබෙනවා. ඒ වගේම ටධපඡඥඵ සඟරාවේ වැඩිම අය කිරීම් කරන ක්‍රීඩා තරු 10 අතරට එක්වන පළමු ඉන්දීය ක්‍රිකට් තරුව වන්නේද විරාත් කෝලි.

මෙලෙස වෘත්තීය ජීවිතය තුළ ඉතා කෙටි කලකින්ම සාර්ථකත්වයක් හිමි කර ගන්නට හැකි වූ මේ දෙපළටම කෝටි තිස්හතරක නිවෙසක් මිලදී ගැනීමට හැකි වීම අරුමයක් නොවෙයි.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon