සමස්ත ශූරතා ගුවන් හමුදාවට චින්තකගෙන් හා ඉන්දිකගෙන් නව ශ්‍රී ලංකා වාර්තා

  👤  1693 readers have read this article !
Published by : MB WEB 2018-01-02 13:26:29

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ ජේ‍යෂ්ඨ අංශයේ කාන්තා සහ පිරිමි සමස්ත ශූරතාවන් දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්වූ අතර කාන්තා අංශයේ අනුශූරතාව නාවික හමුදා ක්‍රීඩා සමාජය විසින් සහ පිරිමි අංශයේ අනුශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයටත් හිමි විය.

ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පසුගියදා නිමාවට පත්වූ ජාතික බර ඉසිලීමේ තරගාවලියේ ජේ‍යෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ තිලංක පලඟසිංහ සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ හංසනී ගෝමස් සම්මාන දිනාගන්නා ලදී. මේ අතර කි.ග්‍රෑ. 77 බර පන්තියෙන් තරග කළ ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 137ක් ඔසවමින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. තවද චින්තන ගීතාල් විදානගේ කි.ග්‍රෑ. 85 බර පංතියෙන් තරග වදිමින් කි.ග්‍රෑ. 299ක සමස්ත බරක් ඔසවමින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ අතර කාන්තා කි.ග්‍රෑ. 95 බර පංතියෙන් තරග වැදුණු ධම්මිකා හරිස්චන්ද්‍ර ද ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මේ අතර කනිෂ්ඨ අංශයේ පිරිමි ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල විසින් දිනා ගනිද්දී කනිෂ්ඨ අංශයේ කාන්තා ශූරතාව පොළොන්නරුව ක්‍රීඩා සමාජය විසින් දිනාගන්නා ලදී. මහනුවර ත්‍රිත්ව විදුහලේ ආර්.ආර්. ජයසේන කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගනිද්දී මහනුවර හෙල්ත් සෝන් ක්‍රීඩා සමාජයේ එස්. සමරකෝන් කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය.

කෙසේ වෙතත් පොළොන්නරුව ක්‍රීඩා සමාජය යොවුන් අංශයේ පිරිමි ශූරතාව හිමි කරගත් අතර යාපනය ක්‍රීඩා සමාජය යොවුන් අංශයේ කාන්තා ශූරතාව දිනා ගත්තේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon