තනුජා සිරසෙන් අයින් වුණේ විවාහ වෙන්නද?

  👤  3522 readers have read this article !
Published by : MB WEB 2018-01-01 15:08:09

දශක දෙකක් සිරස ඊඍ එකත් එක්ක බැඳිලා හිටපු තනුජා ජයවර්ධන පසුගිය දිනෙක ඉන් ඉවත් වුණා.

තනුජාගේ මේ තීරණය පිළිබඳ බොහෝ දෙනෙක් විවිධ මත පළ කරන්නට පටන් ගත්තා.
තනුජා සිරසින් ඉවත් වුණේ ඇයි? මේ තීරණයට එළැඹෙන්න බලපෑ කරුණු මොනවාද?ඒ ගැන කියන්න අපි තනුජාට ඇරයුම් කළා.

"මේ තීරණය මම ගත්තේ අවුරුදු එකහමාරක් විතර කල්පනා කරලයි. මේ තීරණය මම ගත්තේ හදිසියෙන් නෙවෙයි.
"සිරස කියන්නේ මගේ මහගෙදර. ඒ ආයතනයත් එක්ක තිබෙන්නේ මහ පුදුමාකාර බැඳීමක්. ඒ බැඳීම තවමත් මගේ හිතේ තිබෙනවා.

ඇයි එවැනි බැඳීමක් තිබෙනවා නම් මහගෙදරින් එළියට බැස්සේ? ඒක දුකක් නෙවෙයිද?

"දුකයි. නැහැ කිව්වොත් තමයි පුදුමේ. මේ තීරණය ගන්න බොහොම ඉවසීමෙන් අවුරුදු එකහමාරක් විතර කල්පනා කළා.
"මම ඉල්ලා අස්වීම ලබාදෙන මොහොතෙත් ආයතනය මාව ක ජ්ර් ගුවන් විදුලි නාළිකාවේ ප්‍රධානියා ලෙස පත්කර තිබුණා. ඒත් මම ඒ තනතුර භාර ගත්තේ නැහැ. එහෙම වුණා නම් මට මේ තීරණය ගන්න බැහැ.

තනුජා කැමැති නැද්ද සිරසින් ඉවත් වෙන්න තීරණය කළේ ඇයි කියලා කියන්න?

ම්... පෞද්ගලිකයි රහසිගතයි.. (සිනාසෙයි) මම හිතනවා ඒක නොකිය ඉන්නව නම් හොඳයි කියලා. ඒකට මට අවසර දෙනව නේද?
සිරසට බැඳුණු දවසේ ඉඳලා මම මගේ සේවය අවංකව කළා. ආයතනයෙන් මට ඒ විදියට වැඩ කරන්න පරිසරයක් එදා හදලා තිබුණා. මම සිරසේ දියුණුව වෙනුවෙන් හැම වෙහෙසක්ම දැරුවා. සිරසත් මට සැලකුවා.
"අවුරුදු එකහමාරකට කලින් මට හිතුණා දැන් මම ටික දවසක් විවේකීව සිටීම සුදුසුයි කියලා. මම බෞද්ධයෙක්. ජීවිතේ අත්හැර යන දවසක් අපට තිබෙනවා නම් අන් සියලු දේ අත්හැර දැමීම ගැන දෙවරක් සිතන්න ඕන නැහැ. මම ඒ විදියට හිතලා තමයි මේ කටුක තීරණයට එළැඹුණේ.

ආයතනය ඔබේ තීරණය ගැන මොනවද කිව්වේ..?

මුලදී ඔවුන් පුදුම වුණා. මා සමඟ සුහදව කතා කළා. මම ඒ විදියට සුහදව මගේ තත්ත්වය තේරුම් කර දුන්නා. ඒ අනුව තමයි මගේ ඉවත් වීම සිදුවුණේ.

රස්සාව දාලා ගෙදර යද්දී අම්මට තාත්තාටත් උත්තර දෙන්න ඕන නේද?

(සිනාසෙයි) ඔව්. ඒක ඇත්ත ගෙදර අය මගෙන් ඒක ගැන ඇහුවා. මේ තීරණය ගත්ත කාලෙම මම ඒ ගැන ගෙදර අය එක්ක කතා කළා. ඔවුන් දන්නවා මම යම් තීරණයක් ගන්නේ හොඳට හිතල බලලා කියලා.

පරස්තාව ගැන ඒ අය හිතන්නෙත් එහෙමද?

ඔන්න මාව අමාරුවේ දාන ප්‍රශ්නයක් ඇහුවා. (සිනාසෙමින්) ඔව්. ඒ ගැනත් ඔවුන් දන්නවා.

ඒ කියන්නේ විවාහ වෙන එකද?

කවුද කිව්වේ එහෙම කතාවක්. එහෙම නැහැ. මම රස්සාවෙන් ඉවත් වුණේ විවාහ වෙන්න නෙවෙයි.

ඇයි ඒ ගැන තනුජා තවමත් හිතන්නේ නැත්තේ?

මම බොහොම ස්වාධීන කාන්තාවක්. මම විශ්වාස කරනවා ඒ ස්වාධීන තත්ත්වය තුළ මට හොඳ බිරියක් වෙන්න බැහැ කියලා.

මම ජීවත්වෙන්නේ මට හුරුපුරුදු පිළිවෙතකින්. ඒ පිළිවෙත මා සමඟ විවාහ වෙන පිරිමියාට කොහොම වේවිද කියලා මම දන්නේ නැහැ. ඔහුට හුඟාක් අමාරු වෙයි. ඒ නිසා මම මොකටද ඒක දැන දැන තව කෙනෙක්ව අමාරුවේ දාන්නේ. අම්මා ඔය දෙයට බල කළේ නැද්ද?

මුලදී ටිකක් තිබුණා. දැන් ඇය මා සමඟ ඒ සම්බන්ධව කතා කරන්නේ නැහැ. දැන් මට අවවාද කරන්නේ ඔය ඉරිච්ච ඩෙනිමක් එහෙම ඇන්‍ෙදාත් තමයි.

සිරසින් ඉවත් වුණු ගමන්ම ඔබට තවත් මාධ්‍ය ආයතනවලින් ඇරයුම් ලැබෙන්න පටන් ගත්තා නේද?

ඔව්... එහෙම ඇරයුම් කීපයක් ලැබුණා. නමුත් මම මාධ්‍ය ආයතනයකට බැඳිලා රස්සාවක් කරන්න තරම් තවම සූදානම් නැහැ. මම ටික දවසක් මෙහෙම විවේකෙන් ඉන්න ඕන. මගේ මාධ්‍ය ජීවිතේ ඉදිරිය ගැන සැලසුම් කරන්න ඕන. මාධ්‍ය ජීවිතයෙන් අෑත්වෙලා වෙන දේවල් කරන්න මම ලෑස්ති වෙයි කියලා නම් හිතන්න බැහැ. මේ ක්ෂේත්‍රය තුළම මම නිදහස් මාධ්‍යවේදිනියක් විදියට දිගටම සිටීවි.
මේ දවස්වල මම මගේ පවුලේ අය සමඟ වෙනදාටත් වඩා ළඟින් සුහදව ඉන්නවා. ඒ මට නිදහස තිබෙන නිසා.

ගෙවී ගිය දශක දෙක ගැන මොනවද හිතෙන්නේ්?

ඒක හරිම සුන්දර මතකයක්. අභියෝග තිබුණා. ඒවට මුහුණ දුන්නා. බැහැ කියලා කිසි දෙයක් මම අතහැර දැම්මේ නැහැ. රස්සාව කැපවීමෙන් කළා. අද මම මගේ ජීවිතේ ගැන සතුටු වෙනවා. හෙට දවස ගැන මට බලාපොරොත්තු ගොන්නක් තිබෙනවා. පුරවැසියෙක් ලෙස මේ රටට සේවය කිරීමේ බලාපොරොත්තුව මට තියෙනවා.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon