මනෝ වෛද්‍ය ජෝන්සි හෙට වැඩ අරඹයි

  👤  1300 readers have read this article !
Published by : MB WEB 2018-01-01 11:51:40

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිත මනෝ වෛද්‍ය පිල් ජෝන්සි මහතා හෙට (2දා) ශ්‍රී ලංකාවට පැමිණ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු ජාතික ජෝන්සි මහතා පසුගිය සිකුරදා (29දා) උදෑසන මේ බව මාධ්‍ය වෙත අනාවරණය කර ඇති අතර ඔහු හෙට සිට සති දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ කටයුතු කරනු ඇති බවද ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් බංගලාදේශයේ සංචාරයට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තමන් එක් නොවන බවද ජෝන්සි මහතා එහිදී ප්‍රකාශ කර ඇති අතර කොළඹදී පැවැත්වෙන විශේෂ වැඩමුළුවක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරනු ඇති බවද පැවැසේ.

ඒ අනුව බංගලාදේශය බලා යෑමට නියමිත ශ්‍රී ලංකා පිලට මෙවර ඇති විශේෂ වාසිය චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවීර වැනි බංගලාදේශ හිටපු පුහුණුකරුවන් කණ්ඩායමට එක්වීම පමණක් නොවේ. මොවුන් දෙදෙනා මෙන්ම මනෝ වෛද්‍ය ජෝන්සි මහතාද බංගලාදේශ පිල සමඟ වසර 3ක් කටයුතු කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon