පැණි මකුළුවෝ එක්ක ආපු අයිශාරා තීක්ෂණගේ දැලේ පැටලිලා

  👤  1840 readers have read this article !
Published by : MB WEB 2017-12-28 16:37:52

කොහොමද අලුත් ජීවිතේ..?

හොඳින් ගෙවෙනවා.

කොච්චර කාලයක් තිබ්බ ආදර කතාවක්ද මේ හැබෑ වෙලා තියෙන්නේ..?

අවුරුදු කිහිපයක් තිබ්බ ආදර සම්බන්ධයක් තමයි අපි විවාහයක් දක්වා දුර ගෙනාවේ.

අයිශාරාගේ විවාහය වැඩි සද්ද බද්ද නැතුව කෙරුණු විවාහයක්. ඇයි ඒ..?

එහෙම ගොඩක් සද්ද බද්ද දාන්න අපිට ඕන වුණේ නැහැ. අපේ පෞද්ගලික උත්සවයක් නිසා සිය දෙනෙක්ට වගේ තමයි අපි ආරාධනා කළෙත්. නමුත් දෙසීයකට වැඩි දෙනෙක් පාටි එකට ආවා. පෞද්ගලික දෙයක් නිසා එහෙම සද්ද බද්ද දාලා විවාහය සමරන්න උත්සාහ කළේ නැහැ.

අයිශාරාගේ හිත ගත්ත අත ගත්ත කෙනා ගැන දැන්වත් කියමුද..?

මගේ සැමියා තීක්ෂණ. එයා කේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. එයා ලෝකයේ ජනප්‍රිය ආයතනයක සේවය කරන්නේ.

සැමියා ජනප්‍රියත්වයට අකැමැති කෙනෙක්ද..?

ඇත්තටම එයා එහෙම ජනප්‍රිය වෙන්න කැමැති නැහැ. පෞද්ගලික ජීවිතයට පබ්ලිසිටි දෙන්නත් එයා ලොකුවට කැමැති නැහැ.

පැණි මකුළුවෝ චිත්‍රපටයෙන් පස්සේ අයිශාරාගේ රංගනය දැක්කෙත් නැහැ. ඇයි ඒ..?

වැඩ කිහිපයක් භාරගෙන තියෙනවා. ඒ වැඩ ටික ඉදිරියෙදි කරන්න හිතාගෙන ඉන්නවා. පෝරිසාදයා චිත්‍රපටයත් ළඟදිම තිරගත වෙයි. අයිස්ක්‍රීම් චිත්‍රපටයෙත් වැඩ ඉවරයි. ලබන අවුරුද්දේ අප්‍රේල්වලට කලින් චිත්‍රපටය තිරගත වෙයි.

දිගටම රංගන කටයුතුවලට සම්බන්ධ වෙනවට තීක්ෂණ අකැමැති නැද්ද..?

නැහැ. මගේ වැඩවලට එයාගේ අකැමැත්තක් නැහැ. රංගනය මගේ ෆැෂන් එක. රංගනයේ ඉදිරියට යන්න එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

විවාහයෙන් පස්සේ අයිශාරා වැඩවලට සීමා දාගනියිද..?

මම කොහොමත් ගොඩක් වැඩ කළේ නැහැ. හොඳ වැඩ තෝරගෙන මම වැඩ කළේ. ඉදිරියටත් ඒ වගේ හොඳ වැඩ තෝරගෙන මගේ දායකත්වය ලබාදෙනවා. පෞද්ගලික ජීවිතයට හානියක් නොවන විධියට වැඩ තෝරගන්නවා.

ටෙලි නාට්‍යවලට අයිශාරාගේ රංගනය එකතු කරන්න අදහසක් නැද්ද..?

සිනමාවට තමයි මගේ වැඩිම කැමැත්ත තියෙන්නේ. දැන් යන රැල්ලත් එක්ක ටෙලි ඩ්‍රාමා ගැන ලොකු විශ්වාසයක් නැහැ. සිනමාව, පුංචි තිරය, වේදිකාව තුළ හොඳ වැඩත් තියෙනවා. නමුත් අද වෙනකල් ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවුණේ හිතට විශ්වාසයක් දැනෙන නිර්මාණයක් නොලැබුණු නිසා.

ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණෙම නැද්ද..?

ටෙලි නාට්‍යවලට ආරාධනා ගොඩක් ලැබෙනවා. කොලිටි නැති වැඩවලට සම්බන්ධ වෙන්න කැමැති නැහැ. මොකද මම අලුත්. ඒ නිසා මම ඒ වගේ කොලිටි නැති දෙයක වැඩ කරලා මගේ රංගනයටත් අසාධාරණයක් කරගන්න කැමැති නැහැ.

පැණි මකුළුවෝ චිත්‍රපටයෙන් තමයි අයිශාරාව බොහෝ ප්‍රේක්ෂක පිරිසක් හඳුනගත්තේ. ඒ චිත්‍රපටය තුළ ඔබ සාර්ථකයි කියලා හිතනවාද..?

චිත්‍රපටයක් විධියට එය අතිසාර්ථකයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා මගේ රංගනය සාර්ථකයි කියලා කියන්න විධියකුත් නැහැ. චිත්‍රපටය එළියට ආවට එහි අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා අතර ප්‍රශ්න තිබ්බා. ඒවත් එක්ක රංගනය තුළ අපිටත් ලොකු දෙයක් කරන්න ලැබුණේ නැහැ.

ඒ කියන්නේ අයිශාරාගේ වැඩ පෙන්වන්න ලැබිච්ච අවස්ථාව සීමිතයි..?

ඔව්. ඇත්තටම ඒ අවස්ථාව අතිශයින්ම සීමිතයි.

සැමියා විදේශගතව ඉන්න නිසා අයිශාරාත් විදේශගත වෙයිද..?

මම කොහොමත් දිගටම ලංකාවේ හිටියේ නැහැ. වැඩක් භාර ගත්තම දින හදාගෙන ඒ වැඩේට සම්බන්ධ වෙනවා.

ඉදිරි සැලසුම් තියෙනවද..?

දැනට ලොකු සැලසුමක් නැහැ. අපේ වැඩකටයුතු කරගෙන හොඳින් ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

තිළිණි කෞශල්‍යා
විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon