සීතල උඳුවප් මහේ හොලිවුඩ් රිදී තිරය උණුසුම් කරන 'Bright'

  👤  1502 readers have read this article !
Published by : MB WEB 2017-12-27 16:27:12

සීතල උඳුවප් මාසයේ හොලිවුඩ් රිදී තිරය උණුසුම් කිරීමට සමත්ව ඇති නවතම චිත්‍රපටය තමයි "Bright" කියන්නේ.

හොලිවුඩයේ සුපිරි නළු Will Smithගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වී ඇති මෙය මන:කල්පිත, ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසයි වර්ග කර තිබෙන්නේ.

ඒ අනුව මිනිසුන් සහ මිනිසුන් වැනිම මන:කල්පිත සත්ත්ව කොට්ඨාසයක් අතර සිදුවන අපූර්ව සිද්ධි දාමයක් ඔස්සේ ඉදිරියට ගලා යන මෙම චිත්‍රපටය වෙඩි තැබීම්, හඹා යෑම්, සටන් ජවනිකා වැනි ක්‍රියාදාමයන්ගෙන් පිරුණු චිත්‍රපටයක් ලෙසයි හඳුන්වාදිය හැක්කේ.

David Ayerගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Joel Edgerton, Noomi Rapace, Lucly Fry වැනි නළු නිළි පිරිසක්ද රංගනයෙන් දායක වෙනවා.

ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක් වැය කර නිෂ්පාදනය කර ඇති මෙම නවතම චිත්‍රපටය ලොව පුරා තිරගත වීම ඇරඹුණේ දෙසැම්බර් 22දා සිටයි.

රුවින්ද වීරසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon