9 දෙනකුගේ දූත පිරිසක් සඳුදා රුසියාවට
රුසියන් රජයෙන් තාවකාලිකව මෙරටට පනවා තිබෙන තේ ආනයනය කිරීමේ තහනම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාමාජිකයන් 09 දෙනකුගෙන් සමන්විත මෙරට දූත පිරිස සඳුදා (25දා) රුසියාව බලා පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ආර්.ආර්.ඒ. විජේකෝන්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.ටී.ඩී. වික්‍රමසිංහ, තේ මණ්ඩල අධ්යක්ෂ ප්‍රමිලා ශ්‍රීකාන්ති, තේ මණ්ඩල අධ්යක්ෂ ආචාර්ය නිශාන්ත ජයතිලක, තේ පර්යේෂණ මණ්ඩලයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරි ආචාර්ය කීර්ති මාපා මොහොට්ටි, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස් ඊ.ඒ.ජේ.කේ. එදිරිසිංහ, වරාය අධිකාරියේ ජාතික ශාක නිරෝධායන සේවා අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ එච්.එල්. චම්පික, නීතිපති දෙපාර්තමේන්තුවේ ජේයෂ්ඨ නියෝජිත සොලිසිටර් ජනරාල් ඩබ්ලිව්.පී.වී. දයාරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත තාක්ෂණ පර්යේෂණ කමිටුවට මෙම දූත පිරිස අයත් වෙති.
රුසියානු රජයේ මෙම තාවකාලික තේ තහනම පිළිබඳව මේ වන විට විවිධ පාර්ශ්ව විවධ මත පළකරමින් සිටින අතර එහිදී බහුතරයකගේම මතය වූයේ 2018 වසරේදී මෙරට ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට ගනු ලැබූ තීරණයට විරෝධය පළකරමින් රුසියානු රජය ලංකාවේ තේවලට තහනමක් ඉදිරිපත් කළ බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියන් රජය සමඟ සාකච්ඡා කිරීමට මෙරට දූත පිරිස රුසියාව බලා පිටත්ව යෑමට පෙර පෙරේදා (20දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 2018 දී මෙරට ඇස්බැස්ටෝස් භාවිත කිරීමේ තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළේය.
ඒ අනුව සඳුදා රුසියාව බලා පිටත්ව යෑමට නියමිත මෙරට දූත පිරිසට මෙම තාවකාලික තේ තහනම කඩිනමින් ඉවත් කරගැනීමට බොහෝදුරට හැකි වෙතැයි මේ සම්බන්ධව මත පළ කරන විශ්ලේෂකයන් පෙන්වා දෙයි. ඔවුන් පෙන්වා දෙන්නේ ලංකාවේ තේ අපනයනයෙන් 25%ක ප්‍රමාණයක් රුසියානු වෙළෙඳපොළ වෙත යොමු කරමින් මෙරට ජාත්‍යන්තර තේ වෙළෙ¼දපොළේ ප්‍රධාන ගැනුම්කරුවා බවට රුසියානු රජය පත්ව සිටින බවත් ඒ ආකාරයෙන්ම එරට නිෂ්පාදනය කෙරෙන ඇස්බැස්ටෝස් අමු ද්‍රව්‍ය අලෙවි කරන ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාව පත්ව සිටීමත් නිසා මේ වන විට රජයෙන් ඇස්බැස්ටෝස් තහනම තාවකාලිකව ඉවත් කරගැනීම තේවලට රුසියානු රජයෙන් පැනවූ තාවකාලික තහනම ඉවත් කරගැනීමට අවස්ථාවක් වනු ඇති බවයි.
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17