ජනවාරි 1 වැනිදා සිට විනිසුරු වැටුප වැඩිවෙයි

  👤  1714 readers have read this article !
Published by : MB WEB 2017-12-21 14:36:20

සවනි ශේශාධි

එළැඹෙන ජනවාරි පළමුවැනිදා සිට සියලුම විනිසුරුවරුන්ගේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල පවසන්නීය.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 2018 වර්ෂයේ ජනවාරි පළමුවැනිදා සිට වැටුප් වැඩි කිරීම සඳහා අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරිය තවදුරටත් පැවැසුවාය.

අධිකරණ විනිසුරුවරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් විසින් ඉටුකරනු ලබන කාර්ය භාර්ය හා ඔවුන්ගේ වගකීම් සැලකිල්ලට ගෙන ගෙවනු ලබන දීමනා හා වැටුප් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon