දකුණට-ගිනිකොනට තද වැසි

  👤  1581 readers have read this article !
Published by : MB WEB 2017-12-21 12:28:41

ඉෂාරා සිල්වා

දිවයින ආසන්නයේ පවතින කැලඹිලි සහිත ස්වභාවය හේතුවෙන් දකුණු සහ ගිනිකොන දෙසින් වන ගැඹුරු මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 70-80ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනට ගිනිකොන දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දකුණු සහ ගිනිකොන ප්‍රදේශවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් නැඟෙනහිර, උෟව, සබරගමුව පළාත්වල මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් 117 දුරකතන අංකය හෝ 011-2136136 යන දුරකතන අංකය අමතා දැනුම් දෙන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon