මේ වසරේ සුනාමියක් නෑ

  👤  2000 readers have read this article !
Published by : MB WEB 2017-12-19 14:31:17

මේ වසර තුළ ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇති නොවන බවට විද්‍යාඥ ලලිත් ඉන්දික විජයවර්ධන මහතා පවසයි.

එනමුත් අද (19දා) සහ අනිද්දා (21දා) අතර කාලය තුළ ඉතා සුළු ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බවත් එමඟින් බරපතළ හානි කිසිවක් සිදු නොවන බවත් ඔහු අනාවැකි පළකරයි.

භූමිකම්පාව සම්බන්ධයෙන් මුහුද ආශ්‍රිතව සිටින ජනතාවට බිය නොවන්නැයිද ඔහු පවසයි.

ඕනෑම රටක උසම කන්දේ පස් සාම්පල් රසායනික තුනක් සමඟ මිශ්‍ර කරමින් පරීක්ෂණයට ලක්කර මෙම අනාවැකි පළ කරන බවද ඔහු සඳහන් කළේය.

2004 වසරේ ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය පිළිබඳව සහ ඉන්දියාවේ ගුජරාත් සහ අහමදාබාද්වල සිදුවූ ප්‍රබල භූ කම්පන පිළිබඳව දින වකවානු සහිතව ද මොහු විසින් අනාවැකි පළකර ඇත.

මේ අතර ඉහළ අභ්‍යවකාශයේ සිට විශාල ගලක් 2019 වසර වන විට පොළොවට පතිත වීමට නියමිත බවටත් එම වසර වන විට අධික උෂ්ණත්වය සහ ශීතල හේතුවෙන් මිනිසුන් මිය යා හැකි අතර ස්වාභාවික විපත් හේතුවෙන් ලෝකයේ කොටසක් විනාශයට පත් වන බවටත් ඔහු අනාවැකි පළ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon