මැලේසියානු අගමැතිවරයා හමුවෙන්න විග්නේශ්වරන් අවස්ථාවක් ඉල්ලයි

  👤  1618 readers have read this article !
Published by : MB WEB 2017-12-18 11:38:22

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මැලේසියානු අග්‍රාමත්‍ය නජිබ් බින් ටුන් අබ්දුල් රසාක් මහතාව හමුවීමට අවස්ථාවක් ලබාදෙන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා මැලේසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කොට තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයා සිය ඉල්ලීම මඟින් දක්වා ඇත්තේ මැලේසියානු අග්‍රාමාත්‍යවරයා උතුරු ප්‍රදේශයට පැමිණෙන්නේ නම් එතුමාට මෙම පළාත්වල ඇති සැබෑ තත්ත්වය දැකබලා ගැනීමට අවස්ථාව උදා වන නිසා එතුමාගේ සංචාරය ඊට ගැළපෙන අන්දමට සකස් වන්නේ නම් ඉතා වැදගත් බවයි.

ප්‍රධාන අමාත්‍යවරයාගේ එම ඉල්ලීමට මේ වනතුරු පිළිතුරක් ලැබී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon