ආවේණික කුරුල්ලන් පිළිබඳ සමරු මුද්දර පෙළක්

  👤  1654 readers have read this article !
Published by : MB WEB 2017-12-16 10:23:12

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර හතරක් අද (16) තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ දියසරු තෙත් බිම් උද්‍යානයේ දී සිදු කෙරේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයේ සංචාරක ආකර්ෂණීය බවින් යුත් මුද්දර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම මුද්දර පෙළ නිකුත් කරනු ලබන අතර ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා, ශ්‍රී ලංකා වන රැවියා, ශ්‍රී ලංකා පිටතඹලයා, ශ්‍රී ලංකා සිළුකවුඩා යන කුරුල්ලන් මෙම මුද්දර පෙළින් නිරූපණය කෙරෙනු ඇත.

මුද්දර කාර්යාංශය මගින් වාර්ෂිකව ස්වභාව සෞන්දර්යය සහ වනජීවින් යන තේමාව යටතේ මුද්දර නිකුත් කරනු ලබන අතර එම තේමාවෙන් මේ වසර වෙනුවෙන් නිකුත් කරනු ලබන මුද්දර පෙළ මෙය වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon